
(පද්මසිරි ගාර්දියවසම්)
මිද්දෙණිය, දෙබොක්කාව, කාරියමඩිත්ත ආදාහනාගාරයට හැරෙන හන්දිය අසළ ඊයේ (26) රාත්‍රි 11ට පමණ සිදුවූ රිය අනතුරකින් 31 හැවිරිදි තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි මිද්දෙණිය පොලිසිය පැවසීය.
පැදිකරුට යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසළ තිබූ බෝක්කුවක ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කීවේය .ජීවිතක්ෂයට පත්ව ඇත්තේ දෙබොක්කාව කාරියමඩිත්ත පදිංචි පී.ඒ.ඉශාන් මධුසංඛ නමැති තරුණයෙකි.
මිද්දෙණිය පොලිසියට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමක් අනුව සිද්ධිය වී ඇති ස්ථානයට ගිය පොලිස් නිළධාරින් පිරිසක් තුවාලකරු තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබේ.
ඒ වනවිටත් ඔහු ජීවිතක්ෂයට පත්ව සිටි බව පොලිසිය පැවසීය.
මිද්දෙණිය පොලිසිය සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට හොල්මනකට බය වෙන්න ඇති. නිවන් සුව...!