(අංජුල මහික වීරරත්න)

රටට අනාගතයක් ඇති කිරීමේ යුතුකම ඉටු නොකර පැන ගිය හොත් තරුණ පරපුර වත්මන් දේශපාලකයන්ට ශාප කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් අද (16) පැවසීය.

යුතුකම් ඉටු නොකර පැන ගිය හොත් "ඔබ ලා රටේ අනාගතය මෙන්ම අපේ අනාගතය නැති කළා යැයි" තරුණ පරපුර දේශපාලකයන්ට බැණ වදිනු ඇතැයි ද වික්‍රමසිංහ මහතා කීය.

වීඩියෝ තාක්ෂණය මගින් කොළඹ දී විශේෂ ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා කීවෙි දිළිඳු  ජනගහනය ලක්ෂ පහකින් පමණ වැඩි වී තිබෙන අතර එ් ප්‍රමාණය තවත් වැඩි වීමට නියමිත බවයි. 

මධ්‍යම පන්තිය කඩා වැටී ඉතා අසීරුවෙන් ජීවත් වන අතර ඇතැම් විට ඔවුන්ට මධ්‍යම පන්තියෙන් පිට වීමට සිදුවනු ඇතැයි ද වික්‍රමසිංහ මහතා පැවසීය.