
(විමුක්ති එස් රුද්‍රිගු)
යුක්රේනය, ඩ්‍රෝන යානා 600 ක් යොදා ගනිමින් ඊයේ (15) රාත්‍රියේ සිට අද (16) පෙරවරුව තෙක් දැවැන්ත ප්‍රහාරයක් රුසියාවට එල්ල කළ බව නගරාධිපති සර්ගෙයි සොබියානින් ප්‍රකාශ කළේය.
එල්ල කළ එම ප්‍රහාරය ඊයෙ (15) රාත්‍රියේ සිට අද 16) පෙරවරු 6.30 දක්වා එල්ල වූ බවත් ඩ්‍රෝන 201 ක් විනාශ කර දැමීමට රුසියානු ගුවන් ආරක්ෂණ පද්ධතියට හැකියාව ලැබුණු බවත් ඔහු පැවැසුවේය.
ප්‍රහාරයෙන් මොස්කව් නගරයේ පුද්ගලයන් තිදෙනකු තුවාල ලබා තිබූ අතර යුක්රේන දේශසීමාවට ආසන්න රුසියාවේ රොස්ටොව් කලාපයට එල්ල වූ ප්‍රහාරවලින් තිදෙනකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා තිබිණි. රොස්ටව් කලාපයේ නගර තුනක් සහ දිස්ත්‍රික්ක නවයක් ඉලක්ක කර යුක්රේනය එල්ල කළ ප්රහාරවලදී ඩ්‍රෝන සහ මිසයිල 150කට වැඩි සංඛ්‍යාවක් විනාශ කර දැමීමට රුසියානු හමුදාවට හැකියාව ලැබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd