
(සමන් විජය බණ්ඩාර)
දිට්ඨා සුළිං කුණාටුව හේතුවෙන් හෙම්මාතගම අම්බුළුවාව හරහා ගම්පොල මාර්ගයේ කඩා වැටුණු යෝධ ගල් පර්වතය තවමත් ඉවත් කර නොමැති නිසා එම මාර්ගයේ ගමන් කරන රථ වාහාන වලට දැඩි අනතුරු තත්වයක් පවතී.
දිට්වා සුළිං කුණාටුව පැවැති මෙම මාර්ගයේ ස්ථාන කිහිපයකින් නාය ගිය අතර එම අවස්ථාවේ එම මාර්ගයේ මංතීරුවට කදු මුදුනේ සිට පාත් වු විශාල ගල් කුටියක් මාස නවකට කාලයක් තිස්සේ එසෙම පවතී.
වංගු සහිත ස්ථානයක පවතින මෙම ගල් කුටිටිය ඉවත් නොකිරීම නිසා රාත්රී කාලයේදි සහ දහවල් කාලයේදි අනතුරුදායක තත්වයක් ඇති විමේ ඉඩකඩක් පවතින බව ද ප්රදේශවාසීහු කියති.
ප්රදේශවාසීන් මෙන්ම මාර්ගයේ ගමන් කරන ජනතාව පෙන්වා දෙන්නේ මෙම ගල් පර්වතය ඉවත් කර දෙන ලෙසයි. මේ වන විට අවදානම් සහිත ස්ථාන කිහිපයක බොක්කු මෙන්ම කාණු පද්ධති බැම් අලුත් වැඩියා කටයුතු සිදු කරයි. එය සිදු කිරිම සැලසුම් සහ ක්රමවේද ක්රියාත්මක වුයේ දිට්ඨා සුළිං කුණාටුවට පසුව වුවත් එය නිසි ලෙස ක්රියාත්මක නොවිය.
කොළඹ මෙන්ම බොහෝ ප්රදේශවලින් පැමිණෙන පිරිස් වාහාන තදබදයකින් තොරව ගමන් කර හැකි නිසා මාවනැල්ලේ සිට හෙම්මාතගමට පැමිණ අම්බුළුවාව හරහා ගම්පොල නුවරඑළිය නාවලපිටිය වැනි ප්රදේශවලට මෙම මාර්ගය භාවිතා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd