(බුලත්සිංහල ලක්මි කුඩලිගම)

බුලත්සිංහල නගර මාධයේ ඉතා රහසිගතව සැමියා බිරිඳ දරුවන් ඇතුළු  පවුලක් විසින් තම නිවසේ පවත්වාගෙන ගිය කුඩු  තිප්පොලක් වටලා  හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක් සමග බිරිඳ   ඊයේ (11) රාත්‍රි අත්අඩංගුවට  අත්අඩංගුවට ගත් බව බුලත්සිංහල පොලිසිය පවසයි.

බුලත්සිංහල පොලිසියට ලද තොරතුරක් මත මෙම මෙම වැටලීම් සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත්  කාන්තාව අතුළු පවුලම කුඩු වලට ඇබ්බැහි වී ඇති බවත් බුලත්සිංහල ප්‍රදේශය පුරා කුඩු බෙදා හරින බවත් ඒ අනුව ඇගේ  සැමියා, පියා ඇතුළු ඥාති පිරිසක්  මේ වනවිටත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන  රක්ෂිත බන්ධනාගාර ගතව සිටින බවත් පොලිසිය පැවසීය.

කළුතර ජේෂ්ඨ පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මතුගම සහකාර පොලිස් අධිකාරි  ජයසිරි යන මහත්වරුන්ගේ උදෙස් මත බුලත්සිංහල පොලිස්  ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන විදානගේ, පොලිස් පරීක්ෂක රණවක පොලිස් සැරයෙන්  (30940) වන්නිනායක යන නිලධාරින් 
 මෙම වැටලීම සිදුකර තිබේ. සැකකාරිය අද (12) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.