(අංජුල මහික වීරරත්න)
ජපන් භාෂා පුහුණු මධ්‍යස්ථානයක් මුවාවෙන් කුරුණෑගල, මහව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය වංචනික විදේශ රැකියා ආයතනයක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් වැටලීම් කර තිබේ.
ජපානයේ රැකියාවක් ලබාදීම සඳහා මෙම ආයතනයේ හිමිකරු විසින් රු.750,000.00 ක මුදලක් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබා නොදුන් බවට කාර්යාංශයට ලද පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය මෙහෙයවන ලදී.
විමර්ශන නිළධාරීන් විසින් උපායදූතයකු යොදා ගනිමින් මේ රැකියා ජාවාරම පිළිබඳව කරුණු සොයාබැලූ අතර, එහිදී ජපන් භාෂාව පුහුණු කරන මුවාවෙන් මෙම ආයතනය පවත්වාගෙන යන බවත්, සුදුසුකම් නොමැති පුද්ගලයින්ට විශ්ව විද්‍යාල උපාධි සහතික හා අනෙකුත් අවශ්‍ය සහතික කූට ලෙස සකස් කරන බවත් අනාවරණය විය.
එහි තිබී ජපානයේ රැකියා ලබාදෙන බවට වූ ගිවිසුම්, මුදල් ලබාදීමේ කුවිතාන්සි, ප්රචාරක පත්‍රිකා, ජංගම දුරකථන හා ලැප්ටොප් පරිගණක නිලධාරීන් භාරයට ගෙන ඇත.
ලැප්ටොප් පරිගණකය පරික්ෂා කිරීමේදී විවිධ පුද්ගලයින්ගේ නම්වලට ව්‍යාජ ලෙස සකස් කරන ලද ලංකාවේ ප්‍රසිද්ධ විශ්ව විද්‍යාලවල සහතික, ප්‍රසිද්ධ ඉදිකිරීම් ආයතනවල සේවා සහතිකවලට සමානව සකස් කරන ලද ව්‍යාජ සේවා සහතිකවල ආකෘති හමුවී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ මේවට අහුවෙන්න එපා... ලංකාවේ හොර ඒජන්සි වැහි වැහැලා..
මගේ පාස්පෝට් එකක් හොර ඒජන්සියට අහුවෙලා තිබිලා. බොහොම අමාරුවෙන් ගත්තේ...
නිසි දඩුවම් පමුණුවන්න.
විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචිද කියලා මුලින්ම බලන්න.
මේවා නීතිවිරෝධියි. මේවා ගැන සොයාබලන්න.