(නිමල කොඩිතුවක්කු)
මහර බන්ධනාගාරයේ තත්ත්වය සොයා බැලීම සඳහා සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද(02) එම පරිශ්‍රය වෙත නිරීක්ෂණ චාරිකාවකට එක් වූවද ඔවුන්ට බන්ධනාගාරය තුළට යාමට අවසර ලබා දී නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් රස පරීක්ෂණ වාර්තා සිදුවන බැවින් මහර බන්ධනාගාර පරිශ්‍රය තුළට ඇතුළුවීමට එහි ආරක්ෂක අංශ අවස්ථාව ලබා නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හරීන් ප්‍රනාන්දු, නලින් බණ්ඩාර, මුජුබර් රහුමාන්, දිලිප් වෙදාරච්චි, ජේ. සී. අලවතුවල, රෝහිණී කවිරත්න, හෙක්ටර් අප්පුහාමි ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මේ සඳහා එක්ව සිටියහ.
සියලූ ආරක්ෂිත ඇඳුම් කට්ටල සහිතව මෙම මන්ත්‍රීවරුන් පිරිස අද මහවැසි මධ්‍යයේ මහර බන්ධනාගාරය වෙත පැමිණියේය.
මහර බන්ධනාගාර පරිශ්‍රය තුළ රස පරීක්ෂණ කටයුතු සිදු වන බැවින් එම මන්ත්‍රීවරුන්ට ඇතුලට යාමට අවස්ථාව ලබාදිය නොහැකි බවට එහිදී බන්ධනාගාර ආරක්ෂක අංශ දැනුම් දුන් බව හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.
පැය දෙකකට ආසන්න කාලයක් රැඳී සිටියත් ඒ සඳහා අවස්ථාව හිමි නොවූ බවද ඔහු සඳහන් කළේය.
මහර බන්ධනාගාරයේ ඇති වූ උණුසුම් තත්ත්වය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු සොයා බලා රටක් ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් සමගි ජන බලවේගය මන්ත්‍රීවරුන් පිරිස මෙම ගමන පැමිණි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොටු පෙර පෙර අඳෝනා නගමින් යන්න ඇති නේද? අනේ අහිංසක හිරකරුවන්ට මොකද මේ වුනේ...? කෝ මේ පින්තුර ටිකකුත් දැම්මා නම් හොඳ නැද්ද? අම්බරුවන් අඬ අඬ දුක බෙදාගන්න ගිය විදිය ඔවුන්ට පෙන්නන්න. අනේ අම්මපා පාස්කු දා බයේ ගැහි ගැහි ඇඳයට රිංගූ නිවටයාත් අද වීරයා වගේ ගිහින් නොදකින් බියගුළු දියබරියන්..
අවුරුදු ගණනකට පෙර මත්තල ගුවන් තොටුපොල බලන්න ගිහින් වෙච්ච දේ අමතකද? දැන් බලයේ ඉන්නේ ඒ ගොල්ලන්ම තමයි.
ඔහෙලා බලේ හිටියත් ඕකම තමයි. අනේ මේ බොරු සෝබන දාන්න එපා. ඔය ඔක්කොම එකයි.
හොඳම වැඩේ, නිවැරදි අහිංසක මිනිස්සු වෙනුවෙන් අබ ඇටයක වැඩක් නොකරන සෙට් එක ගියා මෙතන අපරාධකාරයෝ වෙනුවෙන් අඬන්න පුලුවන් නම් ඊයේ රෑ එක්තරා නාලිකාවක ගිය විදුහල්පතිවරුන්ගේ උද්ගෝෂණය බලන්න ඕනේ. අන්න එතනටත් පාර්ලිමේන්තු යන ගමන් "බොර දියේ" මාළු බාන්න ආපු ඔය ඊනියා "සමගි බලේ" ජෝකියෙක්ට ප්‍රින්සිපල් කෙනෙක් දුන්නා දිවිල්ලක්...
ඇතුළට යන්න දෙන්න එපා. ගියොත් ඇත්ත දැනගන්නවනේ.
හරියට හරි... මෙයාලා මෙතන්ට යන්නේ හැඳි ගගා ඉන්නයි.ඔවුන්ට පුළුවන්ද ඔය ප්‍රශ්නවලට විසඳුම් දෙන්න? පසුගිය අවුරුදු 05ක් තිස්සේ මේ අය හැඳි ගෑවද ආණ්ඩුවටම වෙලා..?
බල්ලාගේ වැඩේ බූරුවා කරන්න යනවා කියන්නේ ඕකට තමයි. අපරාධයක් ගැන පරීක්ෂණ කරන්න අදාල ආයතන රටේ තියෙද්දී මන්ත්‍රිවරු යන්නේ දේශපාලන අරමුණු සඳහාම විය යුතුයි...
හරීන් ප්‍රනාන්දුට වෙන්නේ තමුන්ගෙ වල තමන්ටම කපාගන්නයි.
මරු බඩු ටික යන්න හදලා තියෙන්නේ... දේශපාලනය කියලා පක්ෂයක් පමණක් බදාගෙන සිටින, බොරුව පමණක්ම තම ජීවිතය කරගත්ත විහිළු කාරයන් ටික...
අපරාදෙ කියන්න බැහැ. පුතාණෝ සහ කණ්ඩායම නියමෙට කනවා පරිප්පු...!!!
බලයේ ඉන්නකොට අපරාධකරුවන්.. දැන් යනවා නිරීක්ෂණ චාරිකාවලු.