
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මහර බන්ධනාගාරය තුළ ඇතිවූ කැරැල්ලේ දී මියගිය රැඳවියන් 9දෙනෙකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බවට පී. සී. ආර්. පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි රාගම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසීය.
තවත් රැදවියන් දෙදෙනකුගේ පී සී ආර් පරීක්ෂණ අද(02) දින සිදු සිදුකිරීමට නියමිතව ඇතැයි අධ්‍යක්ෂවරයා කීය. .
මේ වනවිට රාගම රෝහලේ මළ සිරුරු තැන්පත් කර ඇති අතර ඔවුන්ගේ හඳුනාගැනීමේ ලේඛන ද පිලිස්සීමෙන් විනාශ වී ඇති බවද මේ හේතුවෙන් ඔවුන් කවුදැයි නිශ්චිතව හඳුනා ගැනීම දැඩි අපහසුතාවයක් වී ඇතැයි අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසරණ ජීවිත, තමන් කොරෝනා උවදුරෙන් බේරගන්න කියල කෑ මොර දුන්න අහිංසක මිනිස්සු, කවුරු කලත් මේවා අහස පොලොව නුහුලන අපරාධ.
අපරාදේ නැති වූ ජීවිත. මේකෙදී නඩු දාන්න යන්නේ වෙඩි තියපු මිනිසුන්ටද වෙඩි කාපු මිනිසුන්ටද?
රටක පිළිගත් අධිකරණ සම්ප්‍රදාය අනුව විනිසුරුවරයෙකුගේ තීන්දුවලින් තොරව සිරකරුවන් මෙසේ සිරගෙය තුලදී රෝගීවූ අවස්ථාවක මෙසේ වෙඩි පහරින් මියයාම සිදුවේ නම්, එම රටේ ඇති මානුෂීය මට්ටම කුමක්දැයි හදවතට තට්ටු කොට සිහිණුවනින් කල්පනා කොට බැලීම වටී... එහෙත්, හිත් පිත් නැති ඇතැම් දේශපාලන වහළුන් අපහට දොස් නැඟූ අයුරු දුටිමි. එය එසේ වුවත්, කෝවිඩ් වැළඳී ප්‍රතිකාර නොලබා සිටි මේ අසරණ සිරකරුවන් හට කලට වෙලාවට ප්‍රතිකාර නොකොට සීමිත ඉඩකඩක ඔවුන් සිරකොට තබා මෙසේ අමානුෂික අයුරින් ඔවුන්ගේ දිවි තොර කිරීම අපහට කිසිසේත්ම සංවේදී මිනිසුන් ලෙස සර්ව සාධාරණය කළ නොහැකිය. මේ ගැන රජය කුමක් කරන්නේදැයි රට හා ලෝකය බලාසිටිනා බව වගකිවයුතු අංශ සිහිතබා ගැනීම වැදගත්ය. රජය තමන්හට කහිනා නිවට කැණහිලුන් ගැන නොසිතා සැබෑ ජනතා සේවය කිරීමට වගබලාගත යුතුයි.
කර්මය කියලා කියන්නේ මෙන්න මේකට. කර්මය ගැන ඉගෙන ගන්න හැමෝටම අවස්ථාවක්. මැරෙන වේලාව ආවාම ඇමරිකාවෙ හිටියත් මැරෙනවා. ආණ්ඩුවට දොස් කියලා වැඩක් නෑ. කර්මට අප සැමටම පොදුයි...
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කිව්වා මතකයි පී.සී.ආර්. නොකරන අය ද්‍රෝහීන් කියලා, මේ රැඳවියෝ පී.සී.ආර්. කරන්න කියලා ඉල්ලුවම වෙඩි තිබ්බා. දැන් එතුමා තමන්ගේ හදවතට තට්ටු කරලා බලන්න...
තවත් සමූල ඝාතනයක් කොරෝනා පිටින් අලුවෙලා යයි වගේ...
කොවිඩ් 19 අසාධිතව සිටියදී හදිසියේ වැදුණු උණ්ඩයක් හේතුකොට ගෙන ඇතිවූ මරණ ලෙස වාර්තා විය.
සිරකරුවන්ට මානුෂීයව සැලකීමට පුරුදුවෙමු. වෙඩි තැබීම්, අඩන්තේට්ටම් කිරීම් හෙලා දකිමු.
පෝයට සිල්ගන්න ගිහිල්ලා හිරේ ගිහින් වගේ මෙකෛ දාලා තියෙන සමහර කමෙන්ට් දැක්කාම හිතෙනවා. හිර කාරයෙක් වුණත් හැසිරෙන විදිහක් තියෙනවා. පමණ ඉක්මවා ගියාම වෙඩි තියන්නේ නැතුව ඉන්නේ කොහොමද? ඒ අය එළියට පැන්නොත් අහිංසක මිනිස්සු කීයක් මැරෙන්න බැරිද? සමහරු පහුගිය දවස්වල මරණ දඬුවම ගේන්න කියලත් මේ විදිහටම තර්ක කළා. අපි විතරයි ඒකට විරුද්ධ වුණෙත්.. මොනවද මේ පිස්සු කතා. ජේලර්වරුන්ට අදාළ බලය තමයි පාවිච්චි කරලා තියෙන්නේ.. ඒ මිනිස්සු කරන්නේත් රාජකාරියක් බව මේ මිනිස්සුන්ට පේන්නේ නැහැ.
නිහඬව සිටියා නම් කොරෝනාවෙන් මරුට.., පරීක්ෂණ කරන ලෙස උද්ඝෝෂණය කළොත් වෙඩි උණ්ඩෙන් මරුට. සර් පාස්... සිරකරුවෝ ෆේල්...
දී කිරට බළලුත් සාක්කිලු...
ආණ්ඩුවට කත්අදින තිරිසන්නු දෙන්නෙක්, තුන්දෙනෙක් මේකෙ ඉන්නවද? මේ මිනිස්සු හිරකාරයින් වුණාට කොරෝනා රෝගීන් බව මතක තබාගත යුතුයි. ආණ්ඩුවේ ම්ලේච්ඡත්වය ආණ්ඩුව වෙනුවෙන් මේකේ පෙනී ඉන්න අයගේ අදහස්වලින්ම පේනවා. කවුරු මොන විදිහට කිව්වත් නීතිය කොහොම තිබ්බත් අසරණ රෝගීන්ව මෙහෙම වෙඩි තියලා මරන්න එපා.
ඒ අයගේ මෘත ශරීර ගිනි තියලා පිච්චුවා නම් අායේ නෑ මරණ පරීක්‍ෂණ, සාක්‍ෂි කිසිවක් අනගතයට නෑ. දැන්වත් ගිණි තැබීමට එරෙහි වෙමු..
PCR කරන්න කියලා ඉල්ලපු කොරෝනා රෝගීන් මරපු එකම රට ලෙස ලංකාව ඉතිහාසගත වේවි...
අටලුගම මිනිස්සුන්ට බලෙන් PCR කරන්න හදනවා. නැතිනම් නීතිය ක්‍රියාත්මක කරන්න හදනවා. PCR ඉල්ලපු හිරකාරයෝ මැරෙනවා. මේකද එකම රටක්.., එකම නීතියක්.. කියන්නේ?
මේක පොළව නුහුලන අපරාධයක්.. මේ වෙඩි කා මැරුණු තරුණ ජීවිත දිහා බැලුවාම. දෙයියනේ මේ අපි වගේ මිනිසුන් නේද? පපුව කකියනවා. ඔවුන්ගේ අතේ ආයුධත් නැහැ pcr පරීක්ෂණ කරන්න කියලා මේ අය ඉල්ලා තියෙන්නේ. දෙවියනේ මේ අපරාධය කළ අයට දඬුවම් ලබා දෙන්න.
අපරාදේ වෙඩි තිබ්බේ. එහෙම නොවුණා නම් හිරකාරයෝ දොර කඩාගෙන ගිහින් කෙලින්ම රාගම හොස්පිටල් එකට ඇඩ්මිට් වෙන්න තමයි ඉඳලා තියෙන්නේ... පව් අහිංසකයින්.