
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ වර්ල්ඩ් බෙස්ට් බෑන්ක් සම්මාන උළෙලේදී ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් "ඒ ශ්‍රේණියේ" සම්මානය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත පිරිනැමුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්ව හමුවේ මහ බැංකුව ලබාදුන් නායකත්වයට ඇගයීමක් වශයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට මෙම සම්මානය හිමිවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. එසේම ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස පසුගිය 13 සිට 18 වැනිදා දක්වා වොෂිංටන් නුවර පැවැති ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම්වලට සහභාගී වූ බවත් එහිදී ඉහළ මට්ටමේ ද්වී පාර්ශ්වික සහ බහු පාර්ශ්වික සාකච්ඡා මාලාවකට නියෝජිත පිරිස සහභාගී වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
එම සාකච්ඡාවලදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකාව, ලෝක බැංකු සභාපති මුණගැසුණු බවත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස ලෝක බැංකුවේ සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුණ ගැසී සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. එහිදී එම ආයතනවල නියෝජිතයන් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා ප්‍රතිසංස්කරණට සහයෝගය පළ කළ බවද මහ බැංකුව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නියෝජිත පිරිසට මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ උසස් නිලධාරීන් පිරිසක් ඇතුළත් වූ බවද මහ බැංකුව පැවැසුවේය.
2025 ඔක්තෝබර් මස 08
1978
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1551
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
541
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහබැංකු අධිපතිට සම්මානයක්
අරවින්ද මොණරවිල Monday, 20 October 2025 06:52 PM
කවුරු කොහොම මොනවා කිව්වත් මෙයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවන් හා සැලසුම් අනුව තමයි වැඩ කරන්නේ, මේ සම්මානයෙන් පෙන්වන්නෙත් ඒකම තමයි...
ලුම්බිණි Tuesday, 21 October 2025 03:47 AM
රවී කරුණානායකටත් හොඳම මුදල් ඇමැති වශයෙන් ඔහොම සම්මාන ලැබුණා මතකයි....
සමන් - ඕමානය Tuesday, 21 October 2025 01:19 PM
වැටුණු අගාධයෙන් රට ගොඩ ගැනීමට ඔබ තුමා කල හා කරන සේවය ඇගැයීමට එම සම්මානය ඉතාම සුදුසුයි. ඔබතුමාට අපගේ සුභාෂිංසනය !
Pachaya Tuesday, 21 October 2025 03:19 PM
අපි ආව ගමන් ඔක්කොම ඇතුලේ