
(විමුක්ති එස් රුද්‍රිගු)
මෙම වසරේ වර්ල්ඩ් බෙස්ට් බෑන්ක් සම්මාන උළෙලේදී ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් "ඒ ශ්‍රේණියේ" සම්මානය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා වෙත පිරිනැමුණු බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
විචක්ෂණශීලී මුදල් ප්‍රතිපත්ති, මූල්‍ය පද්ධතිය අධීක්ෂණය සහ අභියෝගාත්මක ගෝලීය තත්ව හමුවේ මහ බැංකුව ලබාදුන් නායකත්වයට ඇගයීමක් වශයෙන් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට මෙම සම්මානය හිමිවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. එසේම ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස පසුගිය 13 සිට 18 වැනිදා දක්වා වොෂිංටන් නුවර පැවැති ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික රැස්වීම්වලට සහභාගී වූ බවත් එහිදී ඉහළ මට්ටමේ ද්වී පාර්ශ්වික සහ බහු පාර්ශ්වික සාකච්ඡා මාලාවකට නියෝජිත පිරිස සහභාගී වූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
එම සාකච්ඡාවලදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකාව, ලෝක බැංකු සභාපති මුණගැසුණු බවත් ශ්‍රී ලංකා නියෝජිත පිරිස ලෝක බැංකුවේ සහ මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මුණ ගැසී සාකච්ඡා කළ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය. එහිදී එම ආයතනවල නියෝජිතයන් ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කිරීමට උත්සාහ ගන්නා ප්‍රතිසංස්කරණට සහයෝගය පළ කළ බවද මහ බැංකුව ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නියෝජිත පිරිසට මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ උසස් නිලධාරීන් පිරිසක් ඇතුළත් වූ බවද මහ බැංකුව පැවැසුවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු කොහොම මොනවා කිව්වත් මෙයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වුවමනාවන් හා සැලසුම් අනුව තමයි වැඩ කරන්නේ, මේ සම්මානයෙන් පෙන්වන්නෙත් ඒකම තමයි...
රවී කරුණානායකටත් හොඳම මුදල් ඇමැති වශයෙන් ඔහොම සම්මාන ලැබුණා මතකයි....
වැටුණු අගාධයෙන් රට ගොඩ ගැනීමට ඔබ තුමා කල හා කරන සේවය ඇගැයීමට එම සම්මානය ඉතාම සුදුසුයි. ඔබතුමාට අපගේ සුභාෂිංසනය !
අපි ආව ගමන් ඔක්කොම ඇතුලේ