අජන්ත කුමාර අගලකඩ
අගමැති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය සහාය සලසන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කතානායක කරු ජයසූරිය මහතාගෙන් අද (31) පස්වරුවේ ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
කතානායක කරු ජයසූරිය මහතා අද පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේ දී ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇතැයි දැනගන්නට තිබේ.
ජනාධිපතිවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති කතානායකවරයා තමා ඒ පිළිබඳව සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බව සඳහන් කළ බවද වාර්තාවේ.
පාර්ලිමේන්තුව කැඳවන්නැයි කතානායකවරයා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කර ඇත.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති ජනාධිපතිවරයා පවතින වාතාවරණය හොඳ තත්ත්වයට පත්වූ පසුව ඒ පිළිබඳවසලකා බලන බව ප්‍රකාශ කළ බව ද දැනගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය කියන දෙවල් කරන්න අපි බූරුවෝ නෙවෙයි... නමුත් බූරුවෝ ඔයවගේ හිතනවා කියලා අයින්ස්ටයින් කියලා තිබ්බා...
මොකද සලකා බලන්නම් කියන්නේ. 113 බැරිවුනොත් පාර්ලිමේන්තුව දිගටම කල් දානවද?
කතානායක අපක්ෂපාතිව ක්‍රියා කරන්න ඕනෙකොට ජනපති ව්‍යවස්ථාවිරෝධීව ක්‍රියාකරලා කතානායකතුමාට පක්ෂපාතිව සහය දෙන්න කියන එකත් ප්රජාතන්ත්රවාදයට විරුද්ධයිනේ...
පාර්ලිමේන්තුවේ කතානායකවරයා ස්වාධීනව කටයුතු කළයුතු කෙනෙක් කියලයි අපි හිතාගෙන උන්නේ. එහෙම නම් ජනාධිපතිතුමා මේ කරන්නේ තවදුරටත් මහජනයා අතරේ අප්‍රසාදයට පත්විය හැකි ක්‍රියාවක් නෙවෙයිද? කවුද දන්නේ නැහැ ජනාධිපතතිතුමාට මේවගේ උපදෙස් දෙන පුරෝහිතයෝ?
මහින්ද රාජපක්ෂට අවශ්‍ය සහාය සලසන්න කියා මෛත්‍රීපාල සිරිසේන කතානායක වරයාගෙන් කළ ඉල්ලීම නීති විරෝධී ඉල්ලීමක් බව සිරිසේන දන්නේ නැද්ද? පාර්ලිමේන්තුවේ මුල් අසුන හොබවන කතානායක තනතුර මධ්‍යස්ථ, නීතිය සහ විනය ආරක්ෂා කරන වගකීමක් ඇති තනතුරකි. පසුගිය කාලයේ එහි කඩාවැදී, සෙංකෝලය පවා විනාශ කිරීමට තැත්කළ "රස්තියන්" පවා එහි තුල සිටිය බව මුළු රටම දන්නා කරුණකි. එහෙව් අයගේ නායකයා වන ජනාධිපති මෙවැනි ඉල්ලීමක් කතානායකවරයාගෙන් ඉල්ලීම ඇත්තෙන්ම හාස්‍යයට කරුණක් නොවේද?
මේක මේ නොකිය කියන්නේ වැඩිම ලන්සු තියල ඔය තක්කදින්ගේ ඔලු ටික සම්පුර්න වෙනකම් පාර්ලිමේන්තුව වහල කියන එකනේ , ඔය එකෙකුටවත් ප්‍රති පාත්තියක් දැක්මක් නැහැ ඕකුන්ට ඕන බලය විතරයි , හිරිකිතම දේශපාලන ක්‍රමයක් තියෙන අවාසනාවන්තම ජනතාවක් ඉන්න රටක් අද ලෝකේ හැමතැනම රටේ මිනිස්සු බලමෙහෙවර කමට යවන්න උත්සහ කරනවා හැරෙන්න මුන්ට වෙන මුකුත් දැක්මක් නැහැ
සිරිසේන මහත්තයෝ, කෝ ඔයාගේ අර වචන සැට් එක, ශීලාචාර, ප්රජාතන්ත්රවාදී, ඔය තවතවත් තිබුනේ. රට අරාජිකවෙලා කියලා තේරෙන්නේ නැද්ද?. ඔයාව අඩි හයක් යටට දාන්න හිටපු එක්කෙනා හොඳ වුනා ජනතාව නරක වුනා.
අවසන් සති දෙකේදී යුද්ධය ඉවරකරලා වගේ වැඩක්... මෙයා දැන් ආප්ප කාලම බඩ ලොකුයි..
කතානායකතුමාගෙන් සහාය ඉල්ලන්නේ ඇයි? හොඳ කට්ටියක් ලංකර ගත්තේ එයාලා එපාවෙලාද..? නාමල් බේබි, වීරවංශගේ සහය පේන්නවත් නැහැ. ජොබ් එක ස්තිර වෙනකම් ඉන්නවද? වැඩ පෙන්වන්න..
පාර්ලිමේන්තුව කැඳෙව්වොත් පැයක් කොහොම වෙතත් දිනක් ඇතුළත වත් යන්න වෙනවා නේද? ඒකට බය වගෙයි.
වාතාවරණය මට යහපත් වූ විට පාර්ලිමේන්තුව කැඳවමි. නඩුයි, බඩුයි හාමුදුරුවන්ගේ කියල කිව්වලු.
වාතාවරණය හොඳ තත්ත්වයට පත්වීම යනු මහින්ද අවශ්‍ය බහුතරය සම්පූර්ණ කරගැනීම ද?
පවතින තත්වය තවත් දුර්වල වෙයිද කවුද දන්නේ. දැන්වත් පාර්ලිමේන්තුව කැඳවන්න එජාප එකේ වැඩි ඡන්ද ගණන අඩුකරගන්න නම්.
බලය ගැන මිනිසුන් නොදන්නේ නම් සිදු වන්නේ මෙයයි ..............
මැති ඇමතිවරු මොනදේ කිව්වත් බහුතර මහජනයා සත්‍ය කුමක්ද යන්න තේරුම් ගෙන න්ශ්ශබ්දව ඉන්න බව පැහැදිළියි. මහජතාව අතට බලය ආව දාට හුඟ දෙතෙකුට තරු පෙනේවි.
දැන් හොඳටම පැහැදිලියි.. ගිය රනිල් රජය යටතේ හොරුන් අල්ලන්න ඉඩ නොදී ඔවුන්ව රැකගත්තේ මේ ජනපතිවරයා කියලා එෆ්.සී.අයි.. ඩිවිෂන් එකේ ප්‍රධානියා ගෙදර යැව්වෙත් (මුලින්ම පත්වූ) එතුමිය හොරු අල්ලා දඬුවම් කිරීමට කටයුතු කළ නිසා බව රටම දනී.. ස්ටේජ් වල රෙදි කරට අරන් කෑගහපු සිරිසේන අද හොරුන්ගේ ඔඩොක්කුවේ නැළවෙන හැටියට හිතාගන්න පුළුවන් වසර 3 රට අරාජිත කලේ රනිල් නොව සිරිසේන කියන එක ලක්ෂ 62ට ඡන්දය දුන්නේ හොරු රකින්න නම් අනාගතය රටේ ඉන්න කෝටි දෙකටම අබසරණයි. එක වාරයක් ජනපති වී මොහු රට මෙතරම් අගාධයකට ඇද දැම්මා නම් තව සැරයක් දුන්නොත් ජනතාවට වහ කන්න වෙන්නේ...