අජිත්ලාල් ශාන්තඋදය සහ ජයන්ත නානායක්කාර
පාර්ලිමේන්තුව කවදා රැස් කළත් දැන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය හරි බව අද (2) සවස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇඹිලිපිටියේ දී පැවසීය.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සහෝදර සහෝදරින්ගේ මෑණියන් වූ දෝන දන්දිනා සමරසිංහ මාතාවගේ තිස්තුන්වන ගුණ සමරුම සවස ඇඹිලිපිටිය ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කේන්ද්‍රයේ දී පැවති උත්සවයකදී මෙසේ පැවසීය.
තමන් අරලියගහ මන්දිරයට ගොස් අගමැතිවරයා හමුවූයේ අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා වෙනුවෙන් ලැබුණු ආරාධනාවකට බවත් අරලියගහ මන්දිරය සම්බන්ධයෙන් ඇතිවී තිබෙන ගැටලූව සහ අගමැතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඇති ගැටලූ සාකච්ඡා කර ගැටලූවකින් තොරව ප්රශ්නය විසඳා ගැනීමට බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා
"අගමැතිවරයාගේ ගැටළු" හා හා හා කව්ද අගමැති?
දැන් තනතුරු ගන්නේ නැහැ කිව්වා නේද? අනේ මෙහෙමත් බොරුකාරයෝ.
දුන්නු ගාණ දැන් කියන්න!
ඔයා නිල රාජ්‍ය නිලධාරියෙක් නොවේනේ දැන්..!!!
කව්ද අගමැති?
අනේ මහත්තයෝ කට බොරු කිව්වට් දිව බොරු කියන්නේ නැහැ.
ඉතින් එහෙනම් පාර්ලිමේන්තුව කැඳවල ඕක පෙන්නලා මේ අවුල ඉවරයක් කරලා දාන්න. මොන විකාරයක්ද මේ? බලේ පෙන්නුවට අවුල විසඳෙන්නේ නැහැනේ...
එහෙනම් පාර්ලිමේන්තුව කැඳවන එක 5 වෙනිදා ඉඳන් 7 වෙනිදාට කල් ගියේ ඇයි?
හැමෝම වැඩකරන්නේ තමන්ගේ වාසියට... ජනතාව සැමදා දුක් විඳියි.
හිරේ ඉන්න අරගොල්ලන්ට විශේෂ සමාව දෙන්න බලාපොරොත්තු වෙන්නේ කවදාද?
ටී.එන්.ඒ සංවිධානයෙන් වෙන් වී ස්වාධීනව කටයුතු කළ සිවශක්ති ආනන්දන් අද අරගෙන... යාපනය දිස්ත්‍රික්කයේ පී.සරවනභවන් සහ ටී.සිද්ධාර්ථන් ද, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ශ්‍රීධරන් ද, මුලතිව් දිස්ත්‍රික්කයේ චාර්ල්ස් නිර්මලනාදන්ද අද හෝ හෙට මහින්ද රාජපක්ෂට සහාය පළ කරමින් පිල්මාරු කරන බව සිවශක්ති ආනන්දන් කියනවා. සම්බන්ධන් මහින්දට විරුද්ධව ඡන්දය පාවිච්චි කළත් ජවිපෙ නැතුව කිසි වෙනසක් වෙන්නේ නැති පාටයි. සල්ලි කියන්නේ දෙයියන්ගේ මල්ලිටත් වැඩිය ලොකුයි කියලා ඔප්පු වෙන්නේ දැනුයි. මොනවා වුණත් මේ වෙනතෙක් මුදලට කට්ටි පැන්නේ නැති ජවිපෙ කට්ටිය අගේ කළ යුතුයි. ඉතින් වැඩේ හරි යන පාටයි තියෙන්නේ... දැන් පාර්ලිමේන්තුව කැඳවලා ඔප්පු කළාම මේ ප්රශ්නය ඉවරයි.
මිනිස්සු දෙන ඡන්ද හැමදාම ලැබෙයි කියලා දේශපාලුවෝ හිතන් ඉන්නවා. මිනිස්සුන්ගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට ගියාම ඒ ඔක්කොම එකයි. මිනිස්සු විතරයි පක්ෂ වලට බෙදිලා ගමේ ඉන්නේ නැවත ඡන්දෙ දෙනකොට පක්ෂ මාරු නොකරන වැදගත් කෙනෙක් ආවොත් විතරක් ඡන්දෙ දෙනවා
මාධ්‍යවේදීන් ඇහුවොත් හැමදාම මෙයා කියන්නේ මම දේශපාලනයට සම්බන්ද දන්නේ නෑ කියලා
හැමෝම කටින් කියනවා ඒත් ඡන්දෙකට ගියාම පරාදයි.හැමපාරම වෙන්නේ