(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාට මාස 3 ක නිවාඩුවක් ලබාදීමේ යෝජනාවක් පාර්ලිමේන්තුවේදී අද (6) සම්මත විය.
මෙම නිවාඩුව ලබාදී ඇත්තේ විදේශගතව සිටියදී ඔහු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුවය.
කෙසේ වෙතත් තමා ලබන 8 වෙනිදා පාර්ලිමේන්තුවට පැමිණෙන බව මහින්ද සමරසිංහ මහතා ලංකාදීපයට පැවැසීය.
සමරසිංහ මහතාට නිවාඩු ලබා දීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා විසිනි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕනම නම් නිවාඩු නොදමා ආගිය අතක් නැතිව ඉඳලා පස්සේ ඇවිත් ලියාපදිංචි වෙද මහත්මයෙකුගෙන් දීර්ඝ කාලීන සර්පයෙක් දෂ්ඨ කළා කියලා සිහිමෘජාවෙලා උන්නා කියලා පෙන්ෂන් එකත් හදාගන්න තිබුණා. අපරාදෙ නිවාඩු ඉල්ලුවේ..ආයතන සංග්රහය හොඳට දන්න පරණ පරිපාලන නිලධාරියෙකුගෙන් අහලා බලන්නකෝ..!
මන්ත්රීතුමනි, ඇයි නිවාඩු ගන්න හේතුව? ළමයා හම්බ වෙන්න ළඟයිඳ? ප්රසූත නිවාඩුද ගත්තේ...
මාස 3 පඩියට නම් නිවාඩු නැතිව ඇති... ඕක ඉස්පිරිතාලෙට දෙන්න . Icu ඇඳක් ගන්න පුළුවන්...