IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහින්ද මෛත්‍රී වෙඩි නොවදින වාහන ඉල්ලති



(සුජිත් හේවාජුලිගේ)

සිය ආරක්ෂාව සඳහා ලබා දී තිබූ වෙඩි නොවදින වාහන නැවත ලබා දෙන ලෙස හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන  යන මහත්වරුන්  ඉල්ලීමක් කර ඇතැයි  වාර්තාවේ.

හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂක නිලධාරීන්ට ලබාදී තිබූ සියලුම වාහන පසුගියදා රජයට  බාර  දෙනු ලැබීය.
එසේ  බාර දුන් වාහනවලට   වෙඩි  නොවදින වාහනද   ඇතුළත් විය.

මෙම ආරක්ෂක වාහන භාරදීමෙන් හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් මතුව ඇතැයි වාර්තාවේ.

මේ අතර  ආරක්ෂාවට අදාළ පහසුකම් සම්බන්ධයෙන් යළි ඉල්ලීමක් කළොත් සලකා බැලිය හැකි බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද  විජේපාල   මහතා පාර්ලිමේන්තුවේදී ඉකුත්දා පැවසීය.



අදහස් (16)

මහින්ද මෛත්‍රී වෙඩි නොවදින වාහන ඉල්ලති

අරවින්ද මොණරවිල Sunday, 12 October 2025 11:25 AM

එල්. ටී. ටී. ත්‍රස්තවාදය පරාජය කෙරුවා නම්, ජාතික ආරක්ෂාව තහවුරු කෙරුවා නම් දැන් කාගෙන්ද කොහෙන්ද තමන්ට ජීවිත තර්ජන තියෙන්නේ කියලා මුලින්ම හිටපු ජනාධිපතිවරුන් කියන්න ඕනා. ඊට පස්සේ බුද්ධි අංශවලට පුළුවන් එම තොරතුරු සත්‍යය ද කියලා පරික්ෂා කරලා බලලා අවශ්‍ය පමණට ආරක්ෂාව ලබා දෙන්න.

:       7       10

ගුණරත්නSunday, 12 October 2025 08:04 PM

ත්‍රස්තවාදීන් අවුරුදු ගානක් ගිහිල්ලා හෝ ඉලක්කය සපුරාගන්න අවස්ථා ගැන ලෝක ඉතිහාසේ ඕනෑතරම් නිදර්ශන තිබෙනවා. හිටපු ත්‍රස්තවාදීන් පිරිසක් රට පාලනය කරන කාලෙක මීට වඩා වෙනස් අදහස් බලාපොරොත්තු වෙන්න අමාරුයි.

:       4       1

කෞෂිMonday, 13 October 2025 12:05 PM

හෙලෝ ගුණරත්න - රාජ්‍ය ත්‍රස්තවාදය අනෙක් සියලුම ගනයේ ත්‍රස්තවාදයට වඩා භයානකයි. ලෝක ඉතිහාසයේ මේ ගැන ඕනවටත් වඩා උදාහරණ තියෙනවා. අනෙක් කාරණය, ත්‍රස්තවාදීන් බිහිකරන ක්‍රියාදාමයේ මුල් පුරක රාජ්‍ය ත්‍රස්තවාදයයි.

:       0       1

ජයන්ඩී Sunday, 12 October 2025 11:44 AM

සලකා බලන්න කල්ගන්න. ගෙවලයෝ ගෙවල්, බඩු බාර දුන්නාම වාහන දෙන තීරණය ගන්න. ඒ වගේම ජනතා සාපය නොවදින රථවලට අප්ග්රේඩ් එකකට කැමතිද අහන්න...

:       3       13

ජිල්බු Sunday, 12 October 2025 06:58 PM

හෙන නොවදින වාහනයක් ගන්න වෙලාව හරි.

:       5       10

Rata Perata Sunday, 12 October 2025 12:54 PM

බස් දාලා මිනිස්සු ඇදලා ලෝකෙට පෙන්නන්න හදනවා... මිනිස්සු ආදරෙයි කියලා. ඒත් ඇත්තටම මර බයේ වගේ ඉන්නේ.

:       5       8

කපුරුහාමි Sunday, 12 October 2025 01:17 PM

රටට කරපු විනාසේ හැටියට බය වෙලා ඇති.. මාරයා ආවම යන්ඩම වෙනවා. වෙඩි නොවදින වාහන අහවල් දේකටද?

:       6       7

සඳමාලි Sunday, 12 October 2025 02:30 PM

මහින්ද මහත්තයාට නම් වෙඩි නොවදින රථයක් ලබාදිය යුතුයි. නමුත් මෛත්‍රිපාල මහත්තයාට එහෙම එකක් අහවල් එකකටද?

:       1       6

නිහාල් Sunday, 12 October 2025 07:10 PM

එයාටත් ඕන නෑ. තව මහලොකු කාළයක් ඉඳියි කියලා යෑ.

:       7       2

ලයන් Sunday, 12 October 2025 07:36 PM

මුන් දෙන්නටම ඕනෙ නැ

:       2       1

Nihal Dharmatileke Sunday, 12 October 2025 02:58 PM

මෙම යෝජනා කරන්නේ වෙඩි නොවදින ඇදුම් කට්ටලයක් නොවෙයි. වාහනේ ඇතුලේ මුළු ජීවිතේම ඉන්නද?

:       5       3

ගමේ එකාලා Sunday, 12 October 2025 03:04 PM

බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිතයින්ට වෙඩි නොවදින වාහන මොකටද? සදහටම නොමැරී ජීවත් වෙනවා කියලා හිතාගෙන ඇති. මර බියෙන් ඉන්නවා ඇති?

:       6       8

නිහාල් Sunday, 12 October 2025 07:09 PM

දෙන්නටම ඕන නෑ. හෙට අනිද්දා වලට යන්න කෙනෙකුට කවුරුත් ජීවිත තර්ජන කරන සිරිතක් නෑ. පතෝල වගේ හිටියත් නෑ වගේ එකෙක්ටත් එහෙම තමයි. කවුද කැමති හොඳ විහිළුකාරයෙක් නැති කරගන්න.

:       7       3

Chathuri Sunday, 12 October 2025 07:53 PM

කුඩු ඇදලා පගා අරන් පාතාලය එක්ක ගිවිසුම් ගහන් මරණීය දන්ඩනය දුන්න අයට නිදහස දීලා. මිනිමරුවෝ දෙන්නට වෙඩි නොවදින වාහන දෙන්න. මේවා දෙන්න කලින් ජනතාවගෙන් අවසර ගන්න. මේවා දුවන්නෙ ජනතාවගෙ මුදලින්. මුන්ට දෙන්න ඕන වැහි නැති හෙන වදින වාහන. සරත් ෆොන්සෙකා ඉල්ලුවානම් දුක නැහැ යුද්දෙට හදවතින් වැඩකරපු නායකයෙක්. මුන් වගේ උන් ලංකාවේ විතරයි මේ විදියට ඉන්නෙ

:       2       1

Lalla Sunday, 12 October 2025 10:12 PM

එකට ජාවාරම් කරපු එවුන්ගෙන් බේරෙන්න වෙන්න ඕන නේද? අර මීගමුව පැත්තේ බදාගෙන සැනසුව අය වගේ....

:       2       1

උකුස්සා Monday, 13 October 2025 02:50 AM

වෙඩි නෙමෙයි හෙණ නොවදින ඒවල ගියත් වෙලාව එද්දී ගානට වදී

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 41 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 836 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 605 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site