
(අංජුල මහික වීරරත්න)
තම ගත සිත සුවපත් කරන්නේ ජනතා ඇසුර බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා මේ බව පවසන්නේ තංගල්ල කාල්ටන් නිවසේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමිනි.
මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කියයි.
ජනතාව සමඟ නිදහසේ සිටීමට මම බෙහෙවින් ප්‍රිය කරමි. මිනිසුන් අතර සිටීම කිසි දිනක මා විඩාවට පත් නොකරයි.එය පුරුද්දකි. බැඳීමකි. සැමට නොලැබෙන අවස්ථාවකි. ජනතාවගේ සිත් තුළ ඇතිවන විශ්වාසය සහ ලෙංගතුකම මත ගොඩනැගෙන මානව සබඳතා, ජන මූල නායකයෙකුගේ ඔරොත්තු දීමේ හැකියාව සහ ධෛර්යයෙන් යුතුව මුහුණ දීම් හැකියාව වර්ධනය කරයි. ජනතා ඇසුර යනු මා තව තවත් ගතින් සවිමත් කරන්නකි. මනස සුවපත් කරන්නකි.
සැමදා එක ලෙසින් පැමිණ සුව දුක් විමසන, හිතවත් කතාබහක යෙදෙන ආදරණීය ජනතාවට ස්තුතිවන්ත වෙමි. දේශපාලන සගයින් ද සිහිපත් කරමි. ඔබ සැමට ස්තුතියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කියන්නේ නැතිව ඉන්න ලොක්කා...
හෙලිකෙප්රෙන් ගිහිං කුඩ්ඩෝ නිදහස් කරලා බදාගත්තෙත් ඔහොම නේද සීයේ..? අනේ අපේ ලේ කෝප නොකර සද්ද නැතුව ඉන්න ඔය වහල් මෝඩ ගව රැලත් එක්ක...
ඔහොම සුවකරගෙනම යන්න පුලුවන්.
එතුමාගේ අදහස ඉතාම නිවැරදියි. අනුන්ට ඊර්ෂ්‍යා නොකර (අපේ ඇත්තන්ගේ කියමනක් තියෙනවනේ ඊර්ෂ්‍යා කරන්නා සැමදා දුකේ කියලා) සෑම කෙනෙක්ම තමන්ට උපමාකර කටයුතු කලොත් එලොව මෙලොව දෙකේදීම සැපවත් වෙන්න පුළුවන්... එතුමන්ට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා... තෙරුවන් සරණයි...
මේවට දෙකොනින්ම හිනා යනවා. ආසියාවේ ආස්චර්ය පෙන්වනවා කියලා ජනතාවගේ ඡන්දෙන් බලයට ඇවිත් පව්ලේ අයව කිට්ටු කරගෙන රටම බන්කොලොත් කෙරුවා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණය කාරයෝ කරපු බලලෝභී, බඩගෝස්තරවාදියා... වහල්ලූ ඔය විහිලුවලට රැවටුනාට මොලේ ඇති අයනම් රැවටෙනවා .. ආර්ථික ඝාතකයා, සුනාම් හොරා කියලා අධිකරණයෙන් පවා වරදකරු වෙච්චි...
බලයේ හිටපු කාලේ තමුන් කියපු කරපුවා ගහපු ගේම්, ගහපු ඩීල්, කරපු හොරකම් වන්චා දූෂන, මැරකම්, ජඩකම්, සුදුවෑන් ඝාතන අතුරුදහන් මිනීමෝරු කරවපු හැටි ,මතක් වෙන්නේ නැද්ද මන්දා...
ආයෙමත් දරුවන් වඩාගෙන, පොටෝ ගහන්න අම්මා කෙනෙක් මැදමූලන ඉලව්වේ මයිනා සීයා බලන්න ආපු නිසා සීයාට, මාර ආතල් එකක් ඇවිල්ලා ! Comment එකකුත් දමලා ... එහෙම වුනත් තමන්ගේම "පැංචලා" එක්ක ගත්තු සුපිරි photos කාලෙකින් දැක්කේ නැහැ...