
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද දහවල් කැලණිය රජමහා විහාරයට ගොස් වැඳපුදා ගත්තේය.
එහිදී බෝධි පූජාවක්ද පැවැත්වීය. කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති , ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, අග්ගමහාපණ්ඩිත , කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් ඇතුළු සංඝරත්නය විසින් පිරිත් සජ්ඣායනා කර රාජපක්ෂ මහතාට ආශිර්වාද කළේය.
ලාල් එස් කුමාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ හදිස්සියේම පන්සල් ගානේ යන්න ගත්තේ? සිග්නල් එක ඇවිල්ලද?
නාග ලෝකයෙන් ආපු නාග රාජයා ඇවිල්ලා හිටියද?
පව් අනේ..! දෙකට නැමෙන්නත් කවුරුහරි අල්ලාගන්න වෙනවා. දැන් යන තැනකට ගමන් වියදම් හොයාගන්න සිහිපත් වෙලා වගේ...!
ගිය සැරේ මෝඩ බයියන්ව පිස්සු වට්ටපු "නයා" ළඟදීම එයි' කියලා හිතාගෙන ඉන්නවා නම්... ඒ බොරු !!! දැන් කියන්න තියෙන්නේ " ළඟ ළඟ එයි මරු - .. අරගෙන යන්න - අවීචියට " කියලයි. බුදුදහම අනුව " මිනිසෙක් "වෙලා උපදින්නට බොහෝ කුසල් එක්රැස් කොට තිබිය යුතුයි. මිනිස් බව ලැබුණු පසු, තම බලය, ධනය, වැඩිකරගැනීමට නොයෙකුත් දුෂ් චරිතත් සමග එකතුවී අසීමිතව පව් කරනවිට.. තමන්ගේ අවසානය මේ වගේ වේ යයි කවදාවත් මයිනා හිතන්නට නැත. දැන් හොරා කාපු ධනයෙන් වැඩක් නැත. බලයෙන්ද වැඩක් නැත. ඒ එකකින්වත් ඔහුගේ ඉරණම් ගමන ආපසු හරවන්නට නොහැකිය. අද ඔහුට ඉතිරි වී ඇත්තේ "පසුතැවීම" පමණයි. මෙය බලන ආදරණිය ඔබත්, මමත් අමතක නොකළයුතු එක දෙයක් ඇත. ඒ.. ජීවිත ගමනේ අවසානයේ " පසුතැවීමක්" ඇතිනොවන ආකාරයට ජීවත්වීමයි.
නාග ලෝකයෙන් නාගයා එහෙම ආවේ නැතෙයි...?
යෑමට නියමිත හිටපු ජනාධිපතිතුමා මීළඟට ඉපදීමට ඇති තැන ගැන නොකියමි. එහෙත් ඔහුගේ අවසන් හුස්මට පෙර ඔහු වෙසෙන නිවසේ බටහිර දෙසින් කළු පැහැති නාගයකු මතු වී ඔහුගේ නිවස හරහා යනු ඇත.
මොකද අප්පා මේ හිටිහැටියේ ආයෙත් පන්සල් යන්න පටන් ගත්තේ? බලයේ හිටිය කාලයේ වගේ සියලු ලෙඩ රෝග සුවකරවා ගන්න බලාපොරොත්තුවෙන් බරට බරක් රත්තරන් පූජා කරන්න ශ්‍රී ලන්කන් යානයක්ම අරගෙන තිරුපති යන්න අවසර නැතුවා වත්ද...?
ආයේ ගේමකට අරඅඳිනවා වගේ ලොක්කා...!
විශාල සද්දයක් ඇහුනේ ඒක තමයි.
මයිනා ඡන්දේ ළංවෙනකොට බොරුවට පන්සල් යනවා. දැන් මේ හාමුදුරුවන්ට මේ පාරත් අර නාගයා මතුවෙන කියන්න වේවී...!
උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ. මේ දවස්වල පන්සල් ගානේ යනවා වැඩිද මන්දා...?
"උපන්දා සිට කරපු පව් නැත, වරක් වැන්දොත් කැලණියේ " කියලා කියනවානේ. පව් කරලා ,කරලා ...අන්තිමට කැලණියට ඇවිත් " පින් " රිචාර්ජ් කරන්න හදනවා වගෙයි ...හැබැයි.., කරපු පව්වල හැටියට වරක් නොවෙයි මිලියන වාරයක් වැන්දත් ඒ පව් අහෝසි වෙන්නේ නැහැ. දැන් ඉතින්. කුම්බලා මාළු කෑවා නම් - විඳවපන් බළලෝ (මයිනෝ) කියලා කියමු.
මේවගේ ගෝලයෙක් අල්ලාගෙන ඇවිදින මළමිනී තව කීයක් දියවන්නාවේ මහළු මඩමේ තියෙනවාද?
වීසා ඇවීල්ලාලු, නමුත් යන්න අදිමදි කරනවලු. එහෙම කියලා කොහොමද? අපායේ ලෝදිය හැලිය රෙඩිලු...
යන්න කිට්ටුවෙලා නාගයා ළඟට ඇවිත් යන්න ඇවිල්ලා. පාස්කුවේ ප්‍රතිඵල භුක්ති විඳින්නත් ඉන්න පාටක් නැහැ වගේ...
ඉහත රූපයෙන් පෙනී යන්නේ... වැන්දා කෙසේ වෙතත් වැන්දෙව්ව හැටි තමයි.. කියලා හිතුනේ මට විතරද? රටටම කෙප්ප ඇදබාලා ඇදබාලා දැන් සත්‍යයට ඔරොත්තු දෙන්නේ නැතිවෙලා.. වයස්ගත වීම, රෝගීවීම කාටත් පොදු ධර්මතාවයන්... බල තණ්හාව සහ කළකම් ඵල දෙනවාට තියන බයට ලෝකෙට පරකාසේ වෙනකොට තමන් විහිලුවට ලක්වෙනවා කියලා තේරුම් කරලා දෙන්න ඔතන උකුණු ඔලුවක් තරමේ මොලයකුත් ඇති එකෙක් වත් නැද්ද? ගෞරවය කියන්නේ තමන් උපයාගෙන තමන්ම පවත්වා ගත යුතු දෙයක්, අනුන් ලවා බලෙන් පවත්වාගෙන ලොකුකම් පාන්න ගියාම අර ගෞරවයට වෙච්චි දෙයක් නැති වෙනවා.. හාමුදුරුවනේ මෙයාට ඒක පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද?
කුහක හදවත් තුළ කෙසේවෙතත් කළගුණ දත් හදවත්වල සදානුස්මරණීය ලෙස ජීවත් වන නායකයාණෙනි, ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය වේවා..!
හොඳයි හොඳයි. තව නයෙක් ළඟකඳීම මතුවෙයි වගේ. මේ නායක හාමුදුරුවෝ නයි සෙල්ලම් දාන්න ප්‍රකට බව තව ස්වාමීන් වහන්සේ නමක් ප්‍රසිද්ධියේ වරක් කීවා...!
මම තාම ප්ලාස්ටික් බෝතලේ..., මාවත් බලන්න එන්න..., මීට සද්දයක් දාගෙන ගඟෙන් මතු ඌ නයි පැටියා...
වරක් නෙවෙයි දහස් වරක් කැළණිය වැන්දත් රට කාබාසිනියා කළ පව නම් ගෙවා ඉවර කරන්න බැරිවෙයි...
කවදත් ගියේ හැමතැන මල් පුදමින් වැඳගත් ගමන්.. උන්නයි සැප විඳිමින්නේ... අරගලයටත් බැරි වුනාදෝ එළවන්න... හැමදාමත් හැකිද අල්ලාගෙන ඉන්න?
ආයෙත් නයා සතුවෙයිද?
විශාල සද්දයක් ඇහුණා. හොඳ වෙලාවට ආරක්ෂකයා පිට කොන්දෙන් අල්ලාගෙන හිටියේ. නැත්තන් මූණ මල්වට්ටියේ තමයි ඉතින්...
චක්ගුඩු පාරක් දාන්න වගේ යන්නේ මීළඟ ඡන්දෙදී... උඩ බලන් උන්නොත් පුත් කුමාරයාට උරුමෙ නැතිව යනවනේ..? බයවෙන්න දෙයක් නැහැ. ඔටුන්න ගන්න දඟලන කිසිකෙනෙකුට ඒක ගත්තත් දීලා යන්න කෙනෙක් නැහැ.
එදා කරපු දේවල් වලට අපේ නායක හාමුදුරුවන්ට නිවනක් නැහැ කවදාවත්...