මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරන ලද්දේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතාට පවසා ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අතර පැවැති දුරකතන සංවාදයකදී ජනාධිපතිවරයා එම කරුණු සඳහන් කර තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්තෝනියෝ ගුටරෙස් මහතා අතර පැවැති සංවාදය සාර්ථක එකක් යැයි ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද අගමැති කළේ ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවේ සිංහල පිටපතට අනුවයි. එ්ක නිසා ලෝක ප්‍රජාව මට කෝචෝක් දාන්න කලින් පළමුව සිංහල ඉගෙන ගත්තොත් හොඳා!
මේ මිනිස්සු ලංකාවේ මෝඩ යක්කු වගේ ඕනෙම බොරුවකට රැවටෙන අය කියලා හිතාගෙන වෙන්න ඇති සාර්ථක සංවාදයක් කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ... අනෙක් ඉතින් කියන දෙයක් තේරෙන එකක්යැ. යේස් යේස් කිව්වා නිසා සාර්ථක සංවාදයක් බව කිව්වා..
රනිල්ගේ මාමන්ඩි වන ජේ. ආර් සමහර ජනපති බලයන් වෙනසකට ලක්කරනවා නම්, පාර්ලිමේන්තුවේ 3න් 2කේ බලයකින් මෙන්ම ජනමත විචාරණයකින්ද සම්මත කලයුතු වෙන ආකාරයටයි ව්‍යවස්ථාව සකසාගෙන ඇත්තේ... රනිල්ට මේ සුපිරි අසුනට එන්නට නොහැකි වූයේ, ඔහු ජනතාව අතරේ ගැවසෙන්නෙකු නොවි, ජත්‍යන්තරයේ කරක් ගැසීම හේතුකොටගෙනයි. ඔහු උගතෙක් වුවද හොඳ කතිකයෙක් නොවීමත්, ප්‍රශ්නවලට ප්‍රඥාවන්ත උත්තර නොදීමත්, කැපී පෙනන ලක්ෂණයන්ව පැවතිණි. ජේ.අාර්. ගෙනා ව්‍යවස්ථාවේ අවුලක් පවතිනවා නම්, එය ජනතාටත්, රටටත් නොව විරුද්ධ දේශපාලන පක්ෂ වලට පමණි.
19 වන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන් ලබාගන්න පුළුවන්. කියවන්න සිංහල සහ ඉංග්‍රීසි පිටපත් දෙකම. අගමැතිවරයා ඉවත්කරන්න පුළුවන් 42-2 වගන්තියට අනුව. ඇමති මණ්ඩලය අහෝසිවීම ගැන 48 වගන්තියේ තියන අන්‍යාකාරයෙන් කියන වචනය තමයි ජාතික ආණ්ඩුවට ගාවන්නේ. ජාතික ආණ්ඩුව කියන්නේ මොකක්ද කියල 42 4 සහ 5 වගන්තිවල තියනවා. අපේ තවම 92% කට ලියන්න කියවන්න පුළුවන්. කියවල තේරුම් අරගෙන මතයකට එන්න කියල මම යෝජනා කරනවා.