IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මුහුණ සෝදන්න ගඟට ගිය මව සැඩපහරට හසුවී මියයයි


(ඩබ්ලිවි.ඒ.සිරිසේන) 

මුහුණ සේදීමට රක්වාන ගඟට ගිය හැත්තෑපස් හැවිරිදි එක් දරු මවක අද (2) සැඩ පහරට ගසාගෙන ගොස්  මියගොස් ඇතැයි රක්වාන පොලිසිය පවසයි.

 මෙසේ  මියගොස් ඇත්තේ රක්වාන අලුත්පාරගොඩ පදිංචිව සිටි හේවාහල්පගේ අයිරාංගනී නැමැති මාතාවකි.
ඇය දීර්ඝ කාලයක් අසනීප තත්ත්වයෙන් නිවසේ හුදකලාව ජීවත්ව සිටි  බව පොලිසිය කියයි.

අසනීප තත්වයෙන් හුදකලාව සිටින මෙම මාතාවගෙ තොරතුරු සොයා බැලීම සදහා ඥාතීන් නිතර නිතර සෙවිල්ලෙන් සිටියත් ඊයේ දින උදේ කාලයේ නිවසට පැමිණ ඇය ගැන සොයා බලද්දී ඇය නිවසේ නොසිටි බැවින් ඒ අවට විපරම් කර බලද්දී එම මාතාව රක්වාන ගඟේ සැඩ පහරට ගසාගෙන ගොස් මීටර් 150ක් පමණ දුරින් රැඳී සිටින අයුරු නිරීක්ෂණය වී තිබේ.

පසුව ඒ පිළිබඳ අසල්වැසියන්ට හා පොලිසියට දැනුම් දීමෙන් පසුව ඒ පිළිබඳ පරීක්ෂණ ආරම්භ කෙරිණි .

කහවත්ත අධිකරණ වෛද්‍යවරයා වෙත මෘත ශරීරය යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසට රක්වාන හදිසි මරණ පරීක්ෂක ධර්මදාස මොරපිටිය මහතා නියෝග කළ අතර රක්වාන පොලිසියේ උප පොලිස් පරීක්ෂක එච්.කේ. චන්ද්‍රසිරි මහතා පරීක්ෂණ කටයුතු මෙහෙයවිය.



අදහස් (0)

මුහුණ සෝදන්න ගඟට ගිය මව සැඩපහරට හසුවී මියයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30557 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12560 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10907 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 793 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site