
(තිලකරත්න දිසානායක)
ගම්පහ ප්‍රදේශයේ කොවිඩ් එන්නත්කරණ කටයුතු යුද හමුදා වෛද්‍ය අංශ සාමාජික,සාමාජිකාවන් විසින් සිදු කළ ආකාරයක් දක්නට ලැබිණි.
සෞඛ්‍ය සේවාවෙහි සියලු වෘත්තීන් සලකා තීරණ නොගැනීම සහ අසමාන සැලකීමට විරෝධය පළ කරමින් පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවට අයත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සේවයෙන් ඉවත්ව සිටිති.
මේ හේතුවෙන් කොරෝනා එන්නත් කරන කටයුතු යුද හමුදා වෛද්‍ය අංශ සාමාජිකයන් විසින් ඉටු කරන ලදි.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොවිඩ් එන්නත්කරණ කටයුතු , නිරෝධායන කටයුතු, කොරෝනා රෝගීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යැවීම, කොවිඩ් ආදාහන කටයුතු, ආහාර සෞඛ්‍ය කටයුතු, බෝ නොවන රෝග සම්බන්ධයෙන් වන කටයුතු ඇතුලු රාජකාරීන්ට අයත් සියලුම සේවාවන්ගෙන් ඉවත්ව සිටීම මත විශේෂයෙන්ම කොරෝනා රෝග කටයුතු සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් පැන නැගී ඇති බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීහු සදහන් කළහ.
මේ අතර පවුල් සෞඛ්‍ය නිලධාරිනියන්ද මේ වනවිට සිය සේවා කටයුතුවලින් ඉවත්ව සිටීම හේතුවෙන්ද අසීරුතාවයකට පත්වීමට සිදුව ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට ගහලා තියෙන විනේ මේක තමයි. තමන්ට ලැබෙන දේම මිසක තමන්ගෙන් රටට කෙරෙන්න ඕන දේ ගැන කවදාවත් හිතුවේ නෑ. මේක ඉල්ලීම් ඉල්ලන කාලයක්ද? හමුදාවට අපේ උත්තමාචාරය...!
රටවල්වලින් වැක්සීන් එක ලබාගන්න උත්සාහයට ස්තුති කරලා, පිනට සේවය කරලා රටේ ජනතාව බේරගන්න ඕනෑ වෙලාවක් මේ තියෙන්නේ...
කාල කන්නි .බදු ආදායම ලෙල්ලටම බැහල තිවෙන වෙලාවක ,වසංගතයක් අස්සේ කරන නින්දිත වරිජනයක්.මෙයට සහය දෙන දේශපාලන පක්ෂ වල ඉන්නෙ මිනිස්සුන්ගෙ රීරි මාංෂ උරාබොන උන්. හමුදාවට වැඩේ බාර නොදුන්නනම් මෙලහට 365දවසම ස්ට්‍රයික්
මොනවා වෙනන යනවද මේ රටේ