(යොහාන් භාසුර)
විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය ඩොලර් ලබානොදෙන පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට මහජන උපයෝගිතා කොමිසම මේ වන විටත් තීරණය කර ඇති බවත් ඒ අනුව ඉදිරි දින දෙක තුන තුළ අදාල පාර්ශවයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (1) පැවසීය.
විදුලිබල ජනනය සදහා ඉන්ධන ආනයනයට ඩොලර් මිලියන 150 ක් විදුලිබල මණ්ඩලයට ලබාදෙන්නැයි මහජන උපයෝගිතා කොමිසම ශ්‍රී ලංකා මහ බැංකුවෙන් සහ මහා භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීමට තවමත් ප්‍රතිචාර නැමැතිවීම ගැටලුවට හේතුව බව කී රත්නායක මහතා පැවසුවේ මෙය විදුලි අර්බුදයක් නොව විදේශ විනිමය අර්බුදයක් වීම නිසා ඉන්ධන මිලදීගැනීමට ඩොලර් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා, මහ බැංකුවට දුන් උපදෙස් ක්‍රියාත්මක නොවන බවත්ය.
විදුලිබල මණ්ඩලයට පාරිභෝගිකයන්ගෙන් අයවිය වියයුතු රුපියල් බිලියන 40 න් බිලියන 25 ක් සහ මහා භාණ්ඩාගාරය බිලියන 30 ක් ලෙස රුපියල් බිලියන 55 ක් දෙන්නේ නම් විදුලිබල ගැටලුව අවසන් වන බව ද සභාපතිවරයා කීය.
ඉන්ධන නොමැතිවීමෙන් මෙගාවොට් 700 ක් පමණ නිෂ්පාදනය කරන විදුලිබලාගාර අක්‍රීය වීම විදුලි කප්පාදුවට හේතුව බවත් අඛණ්ඩව විදුලිය සැපයීම මහජන උපයෝගිතා කොමිසමේ වගකීම වීම නිසා ඉන්ධන අර්බුදයෙන් විදුලිය කප්පාදු නොකර සිටීම සඳහා රජයට යෝජනා මාලාවක් ඉදිරිපත් කළ ද එය ක්‍රියාත්මක නොවන බවත් සභාපතිවරයා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක නීතියක් ගෙනාවා කියලා මේ අය ආවේ. දැන්නම් මේක එක රටක්ද කියලත් හිතෙනවා අපිට...
තවත් ලොකුම විහිළුවක්... රටේ නායකයින්ට හොඳටම ගැලපෙනවා.
මිනිස්සුන්ට තවත් වද නොදී විදුලිය දෙන්න. දැනටත් විදුලිය කැපීමේ සාධාරණකමක් නැහැ. දස ප්‍රදේශවලට විදුලිය කපන්නේම නැහැ. තවත් සමහර ප්‍රදේශවලට ඕනෑවටත් වැඩිය වේලාවක් විදුලිය කපනවා. ඕනේ නම් උදාහරණත් දෙන්න පුළුවනි. මේක බල්ලට ගිය රටක් දැන්...!
ඩොලර් ගන්න මැදමුලනට ගියානම් නරකද?
අමු කාලාද?
අනේ අපේ රට ඉතින් ... කාලයක් පුරාජේරු කිව්වා ඉන්දියාවටත් විදුලිය දෙන්න පුළුවන් කියලා.. දැන් ඉන්දියාවෙන් ණයට විදුලිය ඉල්ලන්න වෙලා. ආසියාවේ ආශ්චර්යය කියලා පම්පෝරි ගැහුවා. අද ආසියාවේ හිඟන්නා වෙලා. ඉන්දියාවත් මුදල් ඇමැතිව ගණන් ගන්නේ නැහැ. 69 ලක්ෂයක්ම පණුවෝ ඉන්නේ... 97%ක් පණුවෝ
මේ කාලකණ්ණි ආණ්ඩුව තොලොංචි වෙලා යන දවසට තමයි ලංකාවට සෙත...