(සුජිත් හේවාජුලිගේ)
දේශමාන්‍ය මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෝලීය පරිසර සංරක්ෂණය උදෙසා දක්වන දායකත්වය වෙනුවෙන් පිරිනැමෙන ජාත්‍යන්තර බ්ලූ ප්ලැනට් සම්මානය (2021) දිනාගෙන ඇත.
ජපානයේ අශාහි ග්ලාස් පදනම විසින් පිරිනමනු ලැබ ඇති මෙය පාරිසරික සමතුලිතතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් පිදෙන ජාත්‍යන්තර තලයේ ඉහළම සම්මානය ලෙස සැලකෙන්නේය.
ඔහු විසින් තිරසාර සංවර්ධන ත්‍රිකෝණය, සහස්‍රයේ පරිභෝජන අරමුණු, හරිත වර්ධනයේ විශේෂිත තුල්‍යතාව, සහ ස්ථිරසාර සමබර සැලසුම් රටාව සම්බන්ධයෙන් සිදු කරනු ලැබූ ගැඹුරු පර්යේෂණ මෙම සම්මානය පිරිනැමීමේදී විශේෂ පිළිගැනීමට ලක්ව ඇත.
1922 agenda 21 and unfccc, 1977 කියෝටෝ ප්‍රඥප්තිය, 2005 කෝපන්හේගන් එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන අරමුණ උදෙසා වැඩපිළිවෙළ ආදී අන්තර්ජාතික ගිවිසුම් සඳහාද මහාචාර්ය මුණසිංහ මහතාගේ දායකත්වය ලැබී ඇත.
ඔහු එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර් ආණ්ඩු සභාවේ උප සභාපතිවරයා ලෙසද කටයුතු කළේය.
එම සභාවට 2007 වර්ෂයේදී නොබෙල් සාම ත්‍යාගයද පිරිනැමිණ.
ස්ථිරසාර ශ්‍රී ලංකාවක් උදෙසා 2030 දැක්ම නැමැති විශේෂඥ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා චීනයේ පීකිං විශ්වවිද්‍යාලයේ ආරාධිත මහාචාර්යවරයෙක්ද වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආණ්ඩුවට මේ වගේ හරියන්නේ නැහැ..
තෙරුවන් සරණයි මහාචාර්ය තුමනි...
ඔබට අපේ උණුසුම් සුබපැතුම් !ඒ වගේම ඉල්ලා සිටිනවා අපේ රටේ සියලුම දේශපාලුවන්ට ඔබේ විෂය සම්බන්ධයෙන් යම් දැනුමක් ලබාදී රටට .ලෝකයට විය හැකි විනාශය ඔවුන්ට වැටහෙන විදිහට කියා දෙන්න කියලා