
(ඩයනා උදයංගනී)
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා අද (6) අභාවප්‍රාප්ත විය.
කලක් රෝගී තත්වයකින් පීඩා විඳි පුරසිංහ මහතා මියයන විට 60 හැවිරිදි වියෙහි පසුවිය. ඔහු එක්දරු පියෙකි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශය පිහිටුවීමට මුල් වී කටයුතු කළ ටෙරන්ස් පුරසිංහ මහතා එහි ප්‍රථම අධ්‍යයන අංශ ප්‍රධානියා ද විය.
අසනීප තත්වයෙන් පසුවුවත් විශ්ව විද්‍යාල රාජකාරීවලට මුල් තැන දී කටයුතු කළ ඔහු ඊයේ (5) දිනයේ ද විශ්ව විද්‍යාලයට පැමිණ එහි කටයුතුවල නිරත වී ඇත.
මහාචාර්ය ටෙරන්ස් පුරසිංහ මහතා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙන් මූලික උපාධිය සහ පශ්චාද් උපාධිය ලබාගත්තේය.
දේශපාලනය පිළිබඳ විද්වතකු වූ පුරසිංහ මහතා ‘දිනපතා ලංකාදීප’ පුවත්වත ඇතුළු විවිධ පුවත්පත් සඳහා දේශපාලන ලිපි වෙනුවෙන් සම්පත් දායකයකු ලෙස කටයුතු කළ අතර ඇතැම් පුවත්පල්වලට තමා විසින්ම ලිපි සම්පාදනය කළේය.
ටෙරන්ස් පුරසිංහ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (7) සිදුකිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව ලැබේවා...!
මහාචාරයතුමනි, මම ඔබතුමාව කිසිදිනක සියැසින් දැක නැතත්, තත්විෂය පිළිබඳ ප්‍රාමාණික වියතෙක් නිසාවෙන් ඔබ කළ සේවය විශාලය. එහෙත් කිසිවෙක් කොමෙන්ටුවකින් පවා එය ඉදිරිපත් නොකර ඇති කමෙන් පෙනීයන්නේ, විශ්ව විද්‍යාල ඇදුරන්ට එතරම් සමාජ පිළිගැනීමක් නොමැති බව මට පෙනීයයි.. ඔබතුමාට නිවන් සුව... !!!
ඔබගේ දේසපාලනික ලිපි කියවීමෙන් මා ලැබු අවබෝධය අපමණයි .ඔබ වැන්නෙක් අහිමිවීම පිළිබඳව ඇත්තේ කණගාටුවකි.ඔබට අමා මහ නිවන්සුව අත්වේවා !!!
කුඩා කල සිට මෙතුමාගේ ලිපි කියවා දේශපාලන විද්‍යාව පිළිබඳ සැලකිය යුතු දැනුමක් ලබා ගත්තා. කිසි දිනක හමු නොවුනත් මා ඇතුලු බොහෝ පිරිසකගේ දේශපාලන සාක්ශරතාව ඉහළ නැංවීමට කළ නිහතමානී මෙහෙවරට අනේක වාරයක් පිං අනුමෝදන් වේවා...!!! නිවන් සුව ලැබේවා...!!!
ජාතිහිතෛෂී පඬිවරයා අපට නැතිවුණා... මගේ බලවත් ශෝකය...!!!
හැමවිටම ඇත්ත ඇති සැටියෙන්ම කීවා ගරු මහත්මයාණෙනි, ඔබතුමාට උතුම් වූ නිවන් සුව පතමි...
ගුරු පියාණෙනි, ඔබට නිවන් සුව ලැබේවා..!
කාලීන තර්ක ඉදිරිපත් කළ බුද්ධිමත් අයෙක්... නිවන් සුව ලැබේවා..!
මමත් ඔහුගේ ශිෂ්‍යයෙක් වන අතර මම ඔහුගේ 2007-2010 පන්ති වලට කුරුණෑගල සිප්වින් හි සහභාගී වී ඇත්තෙමි. ඔහු දේශපාලන විද්‍යාවේ ප්‍රවීණ මනසක් ඇති අතර ඔහුට ඉගැන්වීමේ විචිත්‍රවත් ක්‍රමයක් ඇත. එම නිසා ඔහු ගුරුවරයෙකු වශයෙන් තම සිසුන් සඳහා උපරිම සේවාවක් ඉටු කර ඇත. ඔබට නිවන් සුව ලැබේවා.