(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මහකොමසාරිස්වරයෙක් සහ  සංස්ථා ඇතුළු ආයතනවල  සභාපතිවරුන් ලෙස පත් කරන ලද 25 දෙනෙක් සුදුසුකම් (යෝග්‍යතාව) පරික්ෂා කිරීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවනු ලැබ සිටිති.

මෙසේ සුදුසුකම් පරීක්ෂා කිරීමට තීරණය කර ඇත්තේ නයිජීරියා ජනරජයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්  ලෙස නම් කරන ලද මහාචාර්ය ගාමිණී ගුණවර්ධන, භූ විද්‍යා සමීක්ෂණ  හා පතල්  කාර්යාංශයේ සභාපති ලෙස පත් කරන ලද අනුර වල්පොල ,මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස පත් කරන ලද චමින්ද අතලුවගේ ,පරන්තන් කෙමිකල්ස් ලිමිටඩ් හි සභාපති ලෙස පත් කරන ලද උපුල් රණවීර, සීමාසහිත ලංකා සිමෙන්ති සංස්ථාවේ  සභාපති වශයෙන් පත්කරන ලද  මහේෂ් අලහප්පෙරුම, සීමාසහිත ජාතික කඩදාසි සංස්ථාවේ සභාපති වශයෙන් පත්කරන ලද විමල් රූපසිංහ සීමාසහිත සී-නෝර් පදනමේ  සභාපති විසින් පත්කරන ලද ලුතිනන් කමාන්ඩර් (විශ්‍රාමික) රාජ් චන්ද්‍රලාල්, ශ්‍රී ලංකා රබර් පර්යේෂණායතනයේ සභාපති වශයෙන් පත්කරන ලද මහාචාර්ය සුධීරා රන්වල,ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති වශයෙන් පත්කරන ලද ශෂී වෙල්ගම , ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති වශයෙන් පත්කරන ලද කිංස්ලි රණවක , සීමාසහිත ලක්දිව ඉංජිනේරු සමාගමේ සභාපති වශයෙන් පත්කරන ලද කුෂාන් වෑගොඩපොළ,  රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති වශයෙන් පත්කරන ලද උදය චන්ද්‍රකුමාර වලිසිංහ, යන මහත්ම මහත්මීන්ගේය.

මෙයට අමතරව ශ්‍රී ලංකා තේ පරීක්ෂණ මණ්ඩලයේ සභාපති වශයෙන් පත්කරන ලද ජයම්පති මොල්ලිගොඩ, සීමාසහිත හලාවත වැවිලි සමාගමේ සභාපති වශයෙන් පත්කරන ලද ජූඩ් පෙරේරා, තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති වශයෙන් පත්කරන ලද ක්‍රිශාන්ත පතිරාජ, තේ රබර් සහ පොල්වතු කැබලි කිරීම පාලන මණ්ඩලයේ සභාපති වශයෙන් පත්කරන ලද උදාර විජේසිංහ, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති වශයෙන් පත්කරන ලද නිලන්ත විජේසිංහ, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති වශයෙන් පත්කරන ලද  සාගලා අබේවික්‍රම, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ සභාපති වශයෙන් පත්කරන ලද මහාචාර්ය එස් ඩී ජයරත්න, දුම්කොළ සහ මද්‍යසාර මද්‍යසාර පිළිබඳ ජාතික මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වශයෙන් පත්කරන ලද වෛද්‍ය සමාධි රාජපක්ෂ, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති වශයෙන් පත්කරන ලද විශේෂඥ වෛද්‍ය  ප්‍රසන්න ගුණසේන, රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව සභාපති වශයෙන් පත්කරන ලද වෛද්‍ය උත්පල ඉන්ද්‍රවංශ, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති වශයෙන් පත්කරන ලද විශ්‍රාමික මේජර් ජෙනරාල්  ඩී එම් එස් දිසානායක සහ ජාතික සමුපකාර සංවර්ධන ආයතනය සභාපති වශයෙන් පත්කරන ලද ජේ ආර් ඩබ්ලිව් දිසානායක යන මහත්ම මහත්මීන්ගේද සුදුසුකම් පරීක්ෂාකර බැලීමට නියමිතය.

මෙම පත් කිරීම් සම්බන්ධයෙන් කරුණු දැක්වීමට  කවර හෝ සංවිධානයක් හෝ පුද්ගලයකු කැමැත්තේ නම් මීට අදාළ ලිඛිත සංදේශ ලේකම්, උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කාරක සභා කාර්යාංශය, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව  ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ යන ලිපිනයට ලබන 25 වැනිදාට පෙර එවිය යුතු වෙයි.

එසේම එම  සංදේශ  011 2777300 යන ෆැක්ස් අංකය මගින් හෝ  [email protected] යන  යන විද්‍යුත් ලිපිනය මගින් හෝ එවිය හැකි බව උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පවසයි.