
(තුසිත කුමාර ද සිල්වා)
ඇදහැලුණු අධික වර්ෂාවෙන් අලුත්ගම දුම්රිය ස්ථානය සහ අවට මාර්ග ජලයෙන් යටවීය. පා ගමනින් දුම්රිය ස්ථානයට ගමන් ගන්නා මගී ජනතාව මේ හේතුවෙන් අපහසුතාවයට පත් වූහ.
උදෑසන කාර්යාල දුම්රිය අපේක්ෂාවෙන් බස් නැවතුම හා ගාලු පාර ප්‍රදේශයේ සිට පාගමනින් දුම්රිය ස්ථානයට පැමිණෙමින් සිටි කාන්තාවන් ඇතුළු විශාල පිරිසක් මෙයින් පීඩාවට පත්වන අයුරු දැකගත හැකි වූ අතර පැවැති වර්ෂාව හේතුවෙන් ඇතැමුන්ට ත්‍රිරෝද රථවලට කුලිය ගෙවා දුම්රිය ස්ථානයට ළඟා වීමට සිදු වූ බවත් ඔවුන් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd