(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ මහමැතිවරණයක් කැඳවීම රටේ ජනතාවගේත් රෝගීන් ගේත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් බවත්, ලබන ජූනි 20 වැනිදා මහමැතිවරණයක් පැවැත්වීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකු හා නීතීඥවරයෙකු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 11 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) දින නියම කළේය.
මෙම පෙත්සම මහජන වැදගත්කමින් යුතු පෙත්සමක් වන හෙයින් එය ඉතා ඉක්මනින් කැදවන ලෙසට පෙත්සම්කාර පාර්ශවය විසින් අධිකරණයට ගොනු කල මෝසමක් සැලකිල්ලට ගනිමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙදිනට පෙත්සම කැදවීමට තීන්දු කර ඇත.
මෙදිනට පෙත්සම කැදවන බව සදහන් කරමින් පෙත්සම්කරුට විද්‍යුත් තැපෑල ඔස්සේ ඊයේ දන්වා යැවීමටද ශ්‍රේෂ්ඨාධිකරණය පියවර ගෙන ඇත.
මෙම පෙත්සම ගොනු කරනු ලැබ ඇත්තේ නීතීඥ චරිත ගුණරත්න නැමැත්තෙකි.
මෙහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු එහි සාමාජිකයින් වන ජනාධිපති නීතිඥ එන්.ජේ. අබේසේකර, මහාචාර්ය රත්නජීවන් හූල් , ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර , සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.
එසේම ජුනි මස 20 වනදා පැවැත්වීමට අදාළව මැතිවරණ කොමිසම විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කොට එය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර නීතීඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබිණි.
ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන්වේ.
පෙත්සම්රු කොළඹ මහ නගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීවරයෙකි.එමෙන්ම නීතීඥවරයෙකි.පෙත්සම්කරු කියා සිටින්නේ කොරෝනා රෝග ව්‍යාප්තිය තුළ ජූනි 20'වැනිදා මහමැතිවරණයක් කැඳවා ඇති බව තමන්ට දැන ගන්නට ලැබූ බවය.ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් ඉකුත්දා 2072 දරණ අති විශේෂ ගැසට් නිවේදනයක්ද නිකුත් කරනු ලැබ ඇත.
රටේ දැනට පවතින තත්ත්වය තුළ කොරෝනා රෝගීන් 600කට අධික පිරිසක් සොයා ගෙන තවත් පුද්ගලයින් 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවද කියා සිටී.එසේම සෑම දිස්ත්‍රික්කයකින්ම කොරෝනා ආසාදිත රෝගීන් මේවන විට හමුවී ඇත.ඊට අමතරව තවත් සැලකිය යුතු පිරිසක් නිරෝධායන පරීක්ෂාව යටතේ පසුවන බව පෙත්සම්කරු කියා සිටී.
පෙත්සම්කරු කියා සිටින්නේ අප්‍රේල් මස 25 වනදා පැවැත්වීමට නියමිතව තිබූ මහමැතිවරණය ජුනි මස 20 වනදා දක්වා කල් තැබීමට මැතිවරණ කොමිසම විසින් ගනු ලැබූ තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැණි බවය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබූ දිනය වන මාර්තු දෙවන දා සිට මාස තුනක් නොඉක්මවන කාලසීමාවක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීම අත්‍යාවශ්‍ය කරුණක් බව පෙත්සම්කරු පෙන්වා දෙයි.
එම කාල සීමාව ඉක්මවා පවත්වනු ලබන මහ මැතිවරණයක් ව්‍යවස්ථා විරෝධී බව පෙන්වා දෙන ඔහූ නාම යෝජනා පත්‍ර භාර ගැනීම අවසන් වූ දින සිට සති පහක් සහ සති හතක් ඇතුළත මැතිවරණය පැවැත්විය යුතු බවට පාර්ලිමේන්තු මැතිවරණ පනතේ කරුණු දක්වා ඇතැයි ද පෙත්සම්කරු කියා සිටී.
ඒ අනුව මහ මැතිවරණය මැයි මස 13 වනදා ට පෙර පැවැත්වීමට මැතිවරණ කොමිසම නීතියෙන් බැඳී සිටින බව ද පෙත්සමේ සදහන් වේ.
එමෙන්ම කොවිඩ් වසංගතය හේතුවෙන්ට රට තුළ විශාල අනාරක්ෂිත තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර කොරෝනා ආසාදනය විය හැකි පුද්ගලයින් නිරෝධායන පනත යටතේ දින දාහතරක් හෝ 21ක කාලයක් නිරෝධනයට ලක්කිරීමක් සිදුවෙමින් පවතින බව පෙන්වා දෙන පෙත්සම්කරු මෙම තත්ත්වය මත රට තුළ නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට බාධාවක් වේ.
යම් හෙයකින් මැතිවරණයක් පැවැත්වුවහොත් කොරෝනා රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතී.එසේම මහමැතිවරණයක් පැවැත්වුවහොත් එය රෝගීන් ගේ හා නිරෝධායන මධ්‍යස්ථාන වල රැඳී සිටින්නන්ගේ ඡන්ද අයිතීන් උල්ලංඝනය වීමකි.
මෙවැනි තත්ත්වයක් තුළ මහමැතිවරණයක් පැවැත්වීම රටේ ජනතාවටත් පෙත්සම්කරුටත් කරන අගතියකි.
ඒ අනුව ජූනි මස විසි වනදා මහා මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය තුළින් මැතිවරණ කොමිසම,
එහි සභාපති ඇතුළු සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ඇති 12 , 14 යන වගන්තීන් යටතේ ඇති මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමින් ඉල්ලා සිටී.
එසේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 27 වැනි අනු ව්‍යවස්ථාව ප්‍රකාරව " රාජ්‍ය ප්‍රතිපත්ති " උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් , ජූනි 20 මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් නිකුත් කල අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙසත් , එම ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද පෙත්සම්කරු ඉල්ලා සිටී.
එසේම මහමැතිවරණයක් මෙවැනි තත්ත්වයක් යටතේ පැවැත්වීම නුසුදුසු බවට මැතිවරණ කොමිසමට , එහි සභාපති ඇතුළු සාමාජිකයන්ට උපදෙස් දෙන්නැයි ජනාධිපතිවරයාට හා ජනාධිපති ලේකම්වරයාට දැනුම් දෙන ලෙසද පෙත්සම්කාර නීතීඥවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.
අවසන් තීන්දුවක් ලබා දෙන තුරු මහ මැතිවරණයක් පැවැත්වීම වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටින පෙත්සම්කරු ජුනි මස විසි වනදා මහා මැතිවරණය පැවැත්වීම වෙනුවෙන් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද ඉල්ලා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැ,කෝ දින නියම කරා නම්... චන්ද ව්‍යාපාරය තුල මේ වසංගතය මගින් ඇතිවන සියලු මරණ වලට වගකීම බාර ගත යුතුයි...
මෙවැනි ලෝක ව්‍යාප්ත වසංගතයක් තිබෙන වෙලාවක ලෝකයේ මොනම රටකවත් "මැතිවරණයක්" තියන්න පුලුවන් කමක් නැහැ. නමුත් බල ලෝබී පට්ට හොරුන්ට උවමනා වෙලා තියෙනවා, මිනී ලක්ෂයක් උඩින් හරි තමන්ගේ "මල්ල" පුරව ගන්න. 2015 න් පසුව මේ දක්වා අධිකරණය නිර්පාක්ශිකව සාධාරණ තීන්දු දීලා තියෙනවා. මට විශ්වාසයි "රටේ අහිංසක මහජනතාවගේ ආරක්ශාව ගැන හිතලා තීන්දුවක් ලබා දෙන බවට.
මටනම් හිතන්නේ මැතිවරණ කොමිසමට ඡන්දය පැවැත්වීමේ වගකීම තිබුනත් ජනාධිපති අභිනව පාර්ලිමේන්තුව රැස්වෙන දිනය ගැසට් කර තිබෙන බැවින් එයට පසු දිනයක ඡන්දය පවත්වන්න බලයක් නැහැ කියලා. ව්‍යවස්ථාවේ 70 (5) (ඇ) කියන විදියට ජනාධිපතිවරයාගේ, පසු කරන ප්‍රකාශයකින් අභිනව පාර්ලිමේන්තුව රැස් වෙන දිනයක් ප්‍රකාශ කරට පසුව නව ඡන්දය පැවැත්වීමේ දිනය ප්‍රකශයට පත් කරන්න පුළුවන් කියලයි මටනම් හිතෙන්නේ. මැතිවරණ කොමිසම අලුත් දිනයක් ප්‍රකාශ කරන්න කලින් ජනාධිපතිතුමා මුල් ප්රකාශනයේ දින සිට මාස තුනකට පසු දිනයක් නොවන දිනයක් ප්‍රකාශ කරන්න ඕනේ කියල හිතෙනවා. මැයි 14 රැස්වෙන්න කලින් කිව්වනම් ඊළඟට අගෝස්තු 13 වත් අභිනව පාර්ලිමේන්තුව රැස් වෙනවා කියලා ප්‍රකාශයක් කරන්න ඕනේ කියල හිතෙනවා. ඒ වෙනකොට කොවිඩ් 19 වසංගතය සැහෙන දුරට පාලනය වී තිබෙයි කියල හිතෙනවා. එහෙම වුනොත් අගෝස්තු 13 සිටත් මාස තුනක් ඒකාබද්ධ අරමුදල රාජ්‍ය වැය සඳහා පාවිච්චි කරන්න පුළුවන් කියලා හිතෙනවා.