
(රොමේෂ් ධනුෂ්ක සිල්වා )
අග්ගමහා පණ්ඩිත, කොටුගොඩ ධම්මාවාස ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහ නාහිමිගේ දේහය මේ වන විට අවසන් ගෞරව සඳහා ගල්කිස්ස ධර්මපාලාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා සැදැහැවත්හු නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලට යටත්ව ධර්මපාලාරාම විහාරස්ථානය වෙත පැමිණෙමින් සිටිති.
උන්වහන්සේගේ උපන් ගම වන කොටුගොඩ ග්‍රාමයෙන්ද උන්වහන්සේගේ ඥාතීන් ඇතුළු ජනතාව පැමිණ සිටි අතර බොහෝ දේශපාලන නියෝජිතයන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.
දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරස්‍රයේදී අනිද්දා (25) වැනිදා පස්වරුවේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ වහන්සේට නිවන්සුව පතමි.