
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ඔක්තෝම්බර් 15 වැනිදා වන විට කොම්පෝස්ට් පොහොර,ජෛව දියර පොහොර සහ පොටෑසියම් පොහොර ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී අද (4)පැවසීය.
ඔක්තෝම්බර් 15 වැනිදා වන විට මෙවර මහ කන්නයේ ගොවිතැන් ඇරැඹෙන හෙයින් ඒ වගා කටයුතු සඳහා කිසිදු අඩුවක් නොවන ලෙස පොහොර ලබා දෙන බව කී කෘෂිකර්ම අමාත්‍යවරයා පොටෑසියම් පොහොර තොග හෙට (5)ලංකාවට පැමිණීමට නියමිත බවද සඳහන් කළේය.
නයිට්‍රජන් පොහොර සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් ඇති වී ඇති නමුත් ඒවා අමතරව ලබා දීමට නියමිතව සිටි පොහොර වර්ගයක් හෙයින් ගොවීන්ට එය ප්‍රශ්නයක් නොවනු ඇති බවද කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළේය.
සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ඉෂාක් රහුමාන් මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා කන්නය දැනටමත් ඇරඹිලා. එති තරම් කාබනික පොහොර නෙති බව නම් විශ්වාසයි. මේ කන්නය යලට වඩා නරක එකක් වෙයි. ගොවියෝ තවත් අනාතයි
පොහොර කියන්නේ මේ ආණ්ඩුවේ මාරයා. තවමත් ඒක තේරුම් ගන්න බැරිව වගේ. රටේ ජනගහණයෙන් 30-40 අතර මේ ප්‍රශ්නයෙන් වද විඳිනවා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියන විදියට කාබනික පොහොර නිෂ්පාදනය කරන්න හෙක්ටයාරයකට රු.ලක්ෂ දෙකකට ආසන්නව වියදම. ඒ හැර අවශ්‍ය අමුද්‍රව්‍ය නැහැ. ආහාර හිඟයක් ඇතිවීම නොවැළැක්විය හැකිය.