
(සුජිත් හේවාජුලිගේ )
ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර නත්තලේදී සිරකරුවන්ට පොදු සමාවක් නොලැබීම විශේෂත්වයකි.
මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් චන්දන වීරසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් නත්තලේදී සිරකරුවන්ට පොදු සමාව ලබාදීමට නොහැකි වුණු බවයි.
අධිකරණ අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් විශේෂිත කරුණු ඇතුළත් වාර්තාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවත් ඒ වාර්තාව දැනටමත් අමාත්‍යාංශයට යොමු කර ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.
වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු සිරකරු පොදු සමාව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව බන්ධනාගාර නිලධාරීහු පෙන්වා දෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරි අපරාධයක්නේ වෙලා තියෙන්නේ...
වෙසක් දවසේ ලොක්කගේ නෑයෙක්ට සමාව දීලා මාට්ටු වුනාම බන්ධනාගාර කොමසාරිස් හිරේ යැව්වා. ඒ නිසා මේ පාර කාටවත් සමාව නෑ. අගරදගුරුතුමාගෙන් තමයි අහන්න ඕනෑ දැන් සැපද කියලා.