
(නිමල කොඩිතුවක්කු)
අඩු ආදායම්ලාභී ජනතාවට සහන ගෙනෙන අයවැයක් මෙවර මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා කොළඹදී පැවසීය.
කොරෝනා වසංගතයට මුහුණ දෙමින් රටේ ආර්ථික සංවර්ධන වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාම ඉදිරි වසරේ රජයේ අරමුණ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසූ අතර එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා මෙසේද කීය.
"මෝල් හිමියන් කිහිපදෙනෙකුට හා මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ඕනෑකම් වලට අනුව ජනතාව පීඩාවට පත් කරන්න දෙන්න බැහැ.
ව්‍යාපාරිකයන්ට ඕන විදියට සහල් මිල පාවෙන්න දීලා අහස උසට බඩු මිල නගින්න වගකිව යුතු ආණ්ඩුවක් විදියට අපි ඉඩ දිය යුතු නැහැ. ඒ නිසා යම් සහතික මිලක් අනිවාර්යෙන්ම සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ වලට තිබිය යුතුයි.
ඩොලර් පිළිබඳ ප්‍රශ්න තිබෙනවා නම් ඩොලරයේ වැඩිවන මිලට සාපේක්ෂව භාණ්ඩ මිල වැඩි කළ යුතු වන්නේ නම් අඩු ආදායම් ලබන සමෘද්ධිලාභීන් ඇතුළු ජනතාවට සහන ලබා දිය යුතුයි. ඉහළ ආදායම් ලබන අයටත් භාණ්ඩ මිලදී ගැනීම සඳහා රට තුළ භාණ්ඩ සුලබ කර පෝලිම් යුගය අවසන් කළ යුතුයි.
මේ දිනවල 2022 වසර සඳහා අයවැය යෝජනාවලිය සකස් කරගෙන යනවා. රටේ පවතින ආර්ථික ගැටලුවලට විසඳුම් ලබා දෙමින් අඩු ආදායම් ලාභීන්ට විශේෂ සහන සැලසෙන අය වැයක් ඉදිරිපත් වේ යැයි අපි විශ්වාස කරනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුනාකරලා මෙයාගේ කතාවලට ප්‍රසිද්දයක් දෙන්න එපා. අහන්න අප්පිරියයි කුමා
අම්මපා ඇයි මහජනයාව රවට්ටන්නේ ?මොන අපරාද කලාටද
මේකත් අර කිව්වා වගේ විස්මකර්ම වැඩක් වෙන්ඩ ඇති .
කිරිපිටි වෙනුවට චීන පොහොර
බොරු මල්ලෙන් එක ගොසිප් එකක් !!!
මුන්දෑ පසුපෙල මන්ත්‍රී කෙනෙක්.. මිනිහා කොහොමද අයවැය හදන්නේ..? මේ කතා 69 ලක්ෂයක් වන මෝඩයින්ට හොඳට ගැලපෙනවා..