

(අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර දී මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් අද(13) බැහැ දුටුවේය.
එහිදී අමාත්‍යවරයා තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහ නාහිමියන්ට සහ වරකාගොඩ ශ්‍රී ඥානරතන අස්ගිරි මහ නාහිමියන්ට හිසතෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය පිළිබඳව දැනුම්වත් කර ඊට ආරාධනා කළේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) දේශීය වෛද්‍ය යූ.එස්.කේ.දෙනාවත්ත, අතිරේක ලේකම් (සංවර්ධන) දේශීය වෛද්‍ය සමන්ති රණසිංහ, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ඒ. එම්. ජී. එන්. දීප්ති සුමනසේන සහ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සභාපති ලෙස ගීතාමනී සී. කරුණාරත්න මහත්ම මහත්මීහු සහභාගී වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd