(අංජුල මහික වීරරත්න)
පවතින මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී අද (26) පස්වරුවේ පැවැත්විණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට එක් වූ අතර දෙපාර්ශ්වය ධනාත්මකව අදහස් හුවමාරු කර ගත් බව ජනාධිපති කාර්යාලය කියයි.
විදුලිබිල සංශෝධනය, සුරාබදු පනත ඇතුළු භාණ්ඩාගාරය ආශ්‍රයෙන් මෙම සාකච්ඡා සඳහා අවශ්‍ය අතිරේක තොරතුරු ලබාදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කරන ලද ඉල්ලීමට අනුව එම තොරතුරු ලබන සඳුදා වන විට ලබාදීමට ද මෙහිදී එකඟතාව පළ කෙරිණි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය උපදේශකවරුන් සහ නීති උපදේශකවරුන් ද අද සාකච්ඡාවට එක්ව සිටි අතර තවත් සාකච්ඡා වටයක් ලබන බදාදා (31) පැවැත්වීමට තීරණය විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සාකච්ඡා මණ්ඩල ප්‍රධානි පීටර් බ්‍රිවර් (Peter Breuer) නියෝජ්‍ය ප්‍රධානි ඔසයිරෝ කොසයිකෝ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට නිත්‍ය නියෝජිත ටුබැගන්ස් යන මහත්වරු සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරු සහ භාණ්ඩාගාර ලේකම් ඇතුළු මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
මූල්‍ය අරමුදල විදුලි බිල සංශෝධනය ඇතුළු තොරතුරු ඉල්ලයි
ravin Friday, 26 August 2022 09:22 PM
එහෙනම් ඔයගොල්ලන්ටත් ඉව වැටිලා අපේ අය ගසාකන තැන ගැන. කොහොම කොහොම හරි නතර වුණොත් ඇති..