
(අංජුල මහික වීරරත්න)
මාලිමා ආණ්ඩුවත් ගොවියා මංමුලා කර දැමූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
අද රජයේ ඇමතිවරු වීදුරු කාමරවල සිට ගොවියාට හොද මිලක් ලැබෙන බවට පැවසුවත් එලෙස ගොවියාට සාධාරණ මිලක් නොමැති බව විපක්ෂ නායකවරයා කීය .
සජිත් ප්‍රේමදාස මහතා මේ කීවේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවාව සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධනය වෙනුවෙන් පොළොන්නරුව මැදිරිගිරියේ පැවැති ජන හමුවක් අමතමිනි.
අලි මිනිස් ගැටුම වන සත්ව හානි වන වගා සඳහා හරියාකාර රක්ෂණ ක්‍රමයක් හෝ දේපල, ජීවිත හානි සඳහා වන්දි නොලැබෙන බව විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
වී ගොවීන් අස්වැන්න ගත් පසු ඒවාට සහතික මිලක් නොමැති බවත් තෙත වී රුපියල් 95කට අලෙවි වන බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.
රුපියල් 150ක සහතික මිලක් අණ පනත් හරහා දෙනවා යැයි කිව්වත් අද ඒ කතා අමතක වී ඇතැයි කී විපක්ෂ නායකවරයා මේ ගැන පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරන්නත් තහනම් බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් ඔව්... ඔහෙලා ගොවියාව රජපුටුවලනේ ඉන්දුවේ... අනේ පලයන් සජියෝ යන්න.
අපිත් අවුරුදු 76ක් තිස්සේ, මං මුලා වී පාර හොයාගෙන හසරක් අසමින් යන ගමනේ මං මුලාවූ සමනලුන්ගෙනි පාර අසා තිබුනේ…
තමුන්ගේ කියුම් කෙරුම් ගැන වුණත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. මධ්‍යම සන්ස්කෘතික අරමුදලටත් ඇරපු හැටි දන්නෝ හොන්දාකාරවම දන්නවා. ළාමක ටින් ටින්ට තිබුණානේ යහපාලන ආණ්ඩුව කාලේ ඔය දේවල් කරලා පෙන්වන්න...
ඔයා ආවානම් ගොවියෝ සිය දිවි හානිකර ගන්නවා.
තමුන් නම් පක්ෂයත් මන්මුලා කරළා හමාරයි, හිටපු අයත් යන්නම ගියා. බයිසිකලයක් පැදපු කෙනෙක් ප්ලේන් එකක් පදින්නේ කොහොමද කීව්වට මොකෝ...? දැන් ඔය යස අපූරුවට රට කරගෙන යන්නේ...
ලොක්කා අපිට අර හිතට පොඩි ගැම්මක් තියෙනවා. මේ දැන් රටේ හොරා කන්නේ නෑ කියලා අන්න ඒකට නම් ටිකක් සතුටුයි එච්චර තමයි අපිටත් ඕනේ... ඉතුරු ඒවා ඉබේටම හැදෙයි නේද එතකොට...
ඔය හැමෝටම වඩා මංමුලා වෙලා වගේ ඉන්නේ...
නොකියා කියන්නේ මලිමාවට කළින් හිටපු අලි, පුටු, පොහොට්ටු, සිලින්ඩර් ගොවියාව මංමුල කළා කියලා නේද?