(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ්  මර්දනයට ලෝකයේ බොහෝ රටවල් යොදාගන්නා  මොල්නුපිරවීර් කැප්සූලය (molnupiravir capsule) රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මඟින් මෙරටට ගෙන්වීමට කටයුතු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඖෂධ නිෂ්පාදන,සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාට අද (26) උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙසේ උපදෙස් දුන්නේ ජනාධිපති කාර්යාලයේදී ඊයේ(26) පැවති කොවිඩ්  මර්දන විශේෂ කමිටු රැස්වීමේදීය.

මොල්නුපිරවීර් කැප්සූලය කොවිඩ්  ආසාදිතයන් සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ කළ  ඖෂධයක් බව සෞඛ්‍ය අංශ ප්‍රධානීහු  මෙහිදී පෙන්වා දුන්හ.

මෙම ඖෂධය සම්බන්ධයෙන්ද කොවිඩ්  මර්දන කමිටු රැස්වීමේදී  දීර්ඝව සාකච්ඡා කෙරිණ.