(අංජුල මහික වීරරත්න)
මුලතිව් කුරුන්දි විහාරය සම්බන්ධ පැමිණිල්ල විභාග කරමින් සිටින මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා මහතා මරණ තර්ජන ඇති බව කියමින් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් දී ඇත.
ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් දී ඇත්තේ තමන්ට තර්ජනයක් ඇති බවට මහේස්ත්‍රාත්වරයා මීට පෙර කිසිදු අවස්ථාවක පොලීසියට හෝ අධිකරණ සේවා කොමිසමට දැනුම් දී නොතිබීම නිසාවෙනි.
එම නිසා මෙම සිද්ධියේ සුල මුල ගැන වහාම සොයා බලන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිද්ධිය ගැන අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ, මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් යන මහත්වරුන් සමඟ සාකච්ඡා කර ඇති අතර එහිදි හෙලිවී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා මරණ තර්ජන ගැන මීට පෙර කිසිදු පැමිණිල්ලක් කර නොමැති බවය.
මහේස්ත්‍රාත්වරයා ඉකුත් 24 දා විදේශගතව ඇත්තේ සැප්තැම්බර් 23 දා තම අස්වීමේ ලිපිය අධිකරණ සේවා කොමිසම වෙත යොමු කරමිනි.
මහේස්ත්‍රාත්වරයා නීතිපති සම්බන්ධයෙන් කර ඇති චෝදනාව ගැන ජනාධිපති ලේකම්වරයා නීතිපතිවරයාගෙන් විමසා ඇති අතර එහිදී නීතිපතිවරයා දැනුම් දී ඇත්තේ මහේස්ත්‍රාත්වරයා වග උත්තරකරුවකු කරමින් අභියාචනාධිකරණයේ පවරා ඇති නඩුවක් වෙනුවෙන් පෙනී සිටින ලෙස අධිකරණ සේවා කොමිසම හරහා කළ ඉල්ලීමක්ට අනුව සිය නිල මැදිරියේදී ඔහු සමඟ සාකච්ඡා කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් රට ගිහින් ලංකාවට කොකා පෙන්නන්නද දන්නේ නෑ හදන්නේ...!!!
තවත් පරීක්ෂණ, තවත් කමිටු, නමුත් එකකින්වත් සිදුවූ සෙතක් නම් නෑ...
උසාවියට බලපෑම් කරන අයම ඒවා ගැන පරීක්ෂණ කරන්න කියන එක නම් මාර විහිළුවක්...
අන්තිමට මරණ තර්ජන ඇති පුද්ගලයාම වරද කාරයා වෙන පාටක් තියෙන්නේ...!
මෙහෙම ගියාම සරණාගත විසා ලබාගෙන PR ලබාගන්න පුළුවන් ඒ රටවල්වල ඉක්මණට...!
බලපෑම් කරේ වීරසේකර හාදයා, ඕක අමතුවෙන් කොමිටි දාලා හොයන්න ඕනේ නැහැ. පහුගිය වකවානුවේ පාර්ලිමේන්තු විවාද බැලුවා නම් හරි..
අනේ රනිල් ඔයා තොත්ත බබා. අර පොහොට්ටුවේ ඉන්න කාලකණ්ණි තමයි... මේ වැඩේ කරන්නේ...!