(නිමන්ති රණසිංහ)
මෙරට විශිෂ්ට විද්වතෙකු වාස්තු විද්‍යාඥයකු මෙන්ම වරළත් ඉංජිනේරුවකුවූ විද්‍යාජෝති ආචාර්ය ගැමුණු සිල්වා මහතා (78) හෘදයාබාදයක් හේතුවෙන් අද අභාවප‍්‍රාප්ත විය.
යාන්ති‍්‍රක ඉංජිනේරුවරයකු වශයෙන් සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ ආචාර්ය ගැමුණු සිල්වා මහතා මෙරට පුරා විද්‍යා ක්ෂේත‍්‍රයේ දැවැන්ත මෙහෙවරක් කළ විද්වතෙකි.
මාලිගාවිල බුදු පිළිමය, පුපුරා හැලෙන්නට ගිය තිස්සමහාරාම දාගැබ, මිරිසවැටිය දාගැබ, තිවංක පිලිමගෙය මෙන්ම ගල් විහාර ප‍්‍රතිමා වහන්සේලා සුරක්ෂිත කිරීමට ආචාර්ය ගැමුණු සිල්වා මහතාගේ විද්‍යාත්මක මැදිහත්වීම ප‍්‍රබල විය.
ශ්‍රී ලංකා ඉංජිනේරු සංස්ථාවේ ආරම්භයේ සේවය කළ ටර්නර් වික‍්‍රමසිංහ, ජීවක ද සොයිසා යන මහත්වරුන් සමඟ ද එම සංස්ථාවේ ආරම්භක සාමාජිකයකු ලෙසින් සේවය කර ඇති ආචාර්ය ගැමුණු සිල්වා මහතා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ කාර්මික ඉංජිනේරුවරයකු ලෙසින් සේවය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබගේ නම ප්‍රසිද්ධ නොකලත් ඔබ ඉටු කල මෙහෙය සදානුස්මරණීය වේ. ඔබට නිවන් සුව !
රටට සම්පතක් ඔබට නිවන්සුව
ඔබට නිවන්සුව ලැබේවා!
ඒ විතරක් නෙවෙයි දළදා මාලිගාවට බෝම්බ ගැහුවට පස්සේ ප්‍රතිසංස්කරණය කලෙත් මෙතුමා තමා
අජරාමර නිවන්සුව ඔබතුමාට
මට නම් හරිම කණගාටුයි ...
"වැඩ කරන මිනිසා නිහඬය‘‘ යන උතුම් කියමන ක්‍රියාවෙන්ම ඔප්පු කළ ඔබතුමාට නිවන් සුව අත්වේවා...!!! වැඩ නොකර උම්බෑ නද පමණක් දෙන සියලුම මී හරකුන්ට මෙතුමා ආදර්ශයක් වේවා...!!!
ඉංජිනේරු විරුවාණෙනි, කළ ආගමික මෙහෙවර වෙනුවෙන් අමා මහ නිවන් සුව ලැබේවා...!
ඔබට නිවන් සුව
මෙතුමන් වැනි උත්තම චරිත දැයෙන් සමුගෙන යද්දී මාධ්‍යයෙන් කිසිඳු ප්‍රචාරයක් නොමැත. නළු නිලියෙක් සමුගෙන යද්දී නම් සෑම ටීවී චැනල් එකකම පෙන්වනවා මෙවන් උත්තමයන් මෙරටට කළ සේවය දැක්වෙන වාර්තා වැඩ සටහනක් වත් කළා නම් මොහු මොනතරම් වටිනා උත්තම චර්තයක්ද යන්න බොහෝ දෙනා දැනගනු ඇත..