(ඩයනා උදයංගනී)
කොවිඩ් 19 වයිරස ආසාදිතයන් තවත් 3051 දෙනෙක් අද (19) දිනයේ වාර්තාවූහ.
මෙය දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව වන අතර ආසාදිතයින් 3,000ක් ඉක්මවා ගියේද පළමු වරටය.
මෙම නව ආසාදිතයන් පිරිසත් සමඟ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ද 1,50,000 ඉක්වමා ගිය අතර මේ වන විට මෙරටින් වාර්තා වී ඇති ආසාදිත සංඛයාව 1,50,771 ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙම ආසාදිතයන් දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර සහ අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලට අයත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
මේ අතරින් ආසාදිතයන් 26,575 දෙනෙක් මේ වන විටත් රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටිති.
එමෙන්ම කොවිඩ් ආසාදනය වූ 1,222 දෙනෙක් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇති අතර මේ වන විට මෙරට සුවය ලැබූ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 1,22,367 ක් බව ද සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1015 කි.
ශ්රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
මුල් වටයේදීම ආසාදිතයින් 3000 පනී
mohomed Wednesday, 19 May 2021 01:27 PM
කවුරු කවුරුත් කරපු ඒවා කියවනවා. අපි කරපුවා කවුරුවත් කියන්නේ නැහැ.
දොලේවත්ත Wednesday, 19 May 2021 02:27 PM
උද්දච්ච මෝඩ පම්පෝරි පාලකයන් පත්කර ගන්නා ජනතාවකට උරුම වන්නේ කොකුන් පාලකයන් ලෙස පත්කර ගත් මත්ස්‍යයින්ට ලැබෙන ඉරණම පමණි.
Ananda Wednesday, 19 May 2021 03:19 PM
මොකක්ද මේ මුල් වටය කියන්නේ ?
Mo77 Wednesday, 19 May 2021 03:34 PM
දැනටමත් කොරෝනා පොකුරු ... තවම සමාජ ගත වී නැහැ.
martiin Wednesday, 19 May 2021 03:59 PM
වෛද්‍ය හේමන්ත හේරත් මොනවා කියයිද?
Demuni Uduwara Wednesday, 19 May 2021 04:01 PM
මේ දවස්වල පෝර්ට් සිටිය ගැන තමයි අවදානයෙන් ඉන්නේ...
Gota Wednesday, 19 May 2021 09:54 PM
කවුරු කවුරුත් කරපු ඒවා කියවනවා. අපි කරපුවා කවුරුවත් කියන්නේ නැහැ.