IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මාල කැඩූ සැකකරු යතුරුපැදි 11 ක් එක්ක මාට්ටු

(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

දිවයින පුරා යතුරුපැදි සොරකම් කොට  රන්මාල කොල්ලකන ලද සැකකරුවකු සොරකම් කරන ලද යතුරුපැදි එකොළහක් සමග අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය කියයි.

පොලිසිය පැවසුවේ සැකකරුවෙකු සමග මෙතරම් යතුරු පැදි තොගයක් අත් අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව‍ මෙය බවය.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ අම්බලන්තොට මානජ්ජාව පාර පදිංචි 28 හැවිරිදි මීයා හෙවත් රැට් නමින් හඳුන්වන සැකකරුවෙකි.

මෙම සැකකරු අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවිම නිසා අධිකරණ නියෝග මත 2013 වසරේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයට යොමුකර ඇත. එම මධ්‍යස්ථානයේ සිටියදි සැකකරු හබරාදුව පිලාන ප්‍ර දේශයේ පුද්ගලයෙකු සමග සමිප සම්බන්ධතාවයක් ගොඩ නගාගෙන ඇති අතර තවත් පිරිසක් ද මිතුරන් බවට පත්කරගෙන සිටි බවට පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

පසුව පුනරුත්ථාපන මධ්යතස්ථානයෙන් නිදහස්ව පැමිණි පසු සැකකරු හෙරොයින් සඳහා මුදල් සොයා ගැනිමට පිලානේ මිතුරා සමග එක්ව යතුරු පැදි සොරකම් කිරිමටත් රන් මාල කොල්ලකැමටත් පටන්ගෙන ඇත.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා දිවයිනේ විවිධ  ප්‍ර දේශවලදී රුපියල් පණස්  ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් යතුරු පැදි එකොළහක්ද හම්බන්තොට, තිස්ස,ගාල්ල ප්‍ර දේශවලදී රන් මාල තුනක්ද කොල්ලකා ඇත.

මේ අතර සැකකරුවන් දෙදෙනා ගාල්ල කලේගාන ප්‍ර දේශයේදී යතුරුපැදියක් සොරකම් කිරිමට සුදානම්වු අවස්ථාවේ ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ නිලධාරියකුට ලැබුණ තොරතුරක් අනුව පොලිස් නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට යනවිට පිලාන සැකකරු පලාගොස් ඇති අතර මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
පසුව ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරිමේදි පුනරුත්ථාපන කඳවුරේදි හඳුනාගත් නිට්ටඹුව,හබරාදුව,හික්කඩුව,කිරිබත්ගොඩ,හම්බන්තොට,යක්කල,ගල්කිස්ස,මිරිහාන,කොල්ලුපිටිය, ආදි ප්‍ර දේශවලදී පුද්ගලයින්ගේ නිවෙසවල සඟවා තිබු යතුරුපැදි එකොළහක් සොයාගෙන ඇත.

පොලිසිය පැවසුවේ මෙය සැකකරුවෙකු විසින් ලංකාවේ මෙතෙක් සොරකම් කරන ලද  යතුරුපැදි වැඩිම ප්‍රමාණයක් අත් අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව බවය.

දකුණු පළාත් බාර ‍නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ගාලු දිසාබාර නියෝජ්‍ය පොලිස් පති නුවන් වෙදසිංහ,ගාල්ල ජ්යේෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ,යන මහත්වරුන්ගේ උපදෙස් පිට ගාල්ල පොලිසියේ විශේෂ අපරාධ විමර්ශණ අංශයෙ ්ස්ථානාධිපති ප්ර,ධාන පොලිස් පරික්ෂක දිනේශ් නිශාන්ත,උප පොලිස් පරික්ෂක එම්.ටි.ප්‍රියන්ත, උප පොලිස් පරික්ෂක පුෂ්ප කිර් ති,සැරයන් විජිත්(35163) කොස්තාපල්වරුන්වන ගීතප්‍රිය(78828) ජීවන්(71351) අරුණ(63009) ජගත්(77147)) ප්රිජයබන්දු(81731)සඳකැළුම්(35769) අසංග(37716) පොලිස් රියදුරු විරසිංහ(13446) ‍යන මහත්වරු සැකකරු සහ යතුරුපැදි අත් අඩංගුවට ගත්හ.

සැකකරු  ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.

 



අදහස් (1)

මාල කැඩූ සැකකරු යතුරුපැදි 11 ක් එක්ක මාට්ටු

අනුරුද්ධ Friday, 05 August 2022 07:11 AM

සැකයක් නැහැ... රෝහිත අබේගේ යාලුවෙක් වෙන්න ඇති...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30558 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12561 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10907 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 794 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site