
(බී.ජී.චතුරංග)
වර්තමානයේ ලෝකයේ පවතින අර්බුදය හමුවේ මෙරට මුදල් ඇමතිවරයාට මොළ හතක් නෙමෙයි මොළ දාහතරක් තිබුණත් ඩොලර් හිගය, ආර්ථික අර්බුදය නැති කිරීම, ආර්ථිකය ගොඩ ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසයි.
"මේ රටේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්තයා තමයි පොදුජන පෙරමුණ නිර්මාණය කරලා යහපාලන නඩෙන් මේ රට බේර ගත්ත නායකයා,කොරෝනා වසංගතය ඇතිවීම , ඉන්ධන පෝලිම් පැවතීම, ඩොලර් හිගයක් ඇතිවීමට, රුසියානු යුක්රේන යුද්ධය ආරම්භ වීමට එතුමා පලි නැහැ.
උදය ගම්මන්පිල කටයුතු කරන්නේ ඔහු මේ රටේ බල ශක්ති ඇමතිවරයා බව නොදැනයි, තමන්ට විෂය පථයක් භාර දුන් පසු එයට අදාල දේවල් තමයි කරන්න ඕනේ. අඩු පාඩුවක් තියෙනවා තියෙනවනම් කැබිනට් මණ්ඩලය හෝ රටේ නායකයා එක්ක සාකච්ඡා කරන්න ඕනේ.
එහෙම නැතුව උදේ හවස විදුලිය කපන වෙලාව, ආයේ විදුලිය ලැබෙන වෙලාව, තව මාස තුන කට විදුලිය නැහැ, මාස හයකට විදුලිය නැහැ, කියලා ජනතාව බිය ගන්වලා පෝලිං ඇති කරන එක නෙවෙයි වගකීම.
රජයේ ආර්ථික අර්බුදයක ඉන්නේ, මේ ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න එකතු වෙලා ඉන්න ඕනේ. ආන්ඩුවේ පක්ෂවල අයගේ වගකීම තමයි එකතු වෙලා ප්‍රශ්නවලට උත්තර සොයා ගැනීම. එහෙම තියෙද්දි ආණ්ඩුවේ පිරිසක් වෙනම ගිහින් සම්මේලන පවත්වලා විරුද්ධ පක්ෂය කරන්න ඕන දේවල් ආණ්ඩුව තුළ ඉඳගෙන කිරීමෙන් වෙන්නේ විරුද්ධ පක්ෂයේ අයට ආයුධ ලබා දීමයි. මෙය සදාචාරාත්මක ද දේශපාලනයට ගැලපෙන දෙයක් නෙමෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකන් බොරුවට නිදහසට කරුණු ඉදිරිපත් කරන්න එපා. මේ දැවැන්ත අර්බුදයට වගකිව යුත්තේ වත්මන් රජයයි. හොඳට තිබුණු රටක් අගාධයකට ඇද දමලා... අසල්වැසි කිසිඳු රටකට මේ ප්‍රශ්න නැහැ.
එක මොලයක් බාගෙට වැඩකරන කෙනෙකුට මොල 7ක් තියෙනවා කියන්න තරම් මොලේ නැති වෙච්චි අයගේ කතාවලට මිනිස්සු අහුවෙන්නේ නැහැ. බැරිකම වහගන්න ගිහින් හත්පොලේ ගාගෙන ඉන්නේ... කෝ ඩොලර් ලක්ෂ ගණන් හම්බ කරන්න ගහපු කෝමාරිකා වගාව..? ලස්සනට කාලෙ ගෑස් ටිකට වැඩේ දුන්නා. මේ අයට ඡන්දේ දුන්නු අයට ජයවේවා..!!!
රටේ සල්ලි හොරා කන්න මොල කීයද?
සදාචාරාත්මක දේශපාලනය යනු බොරුවෙන් ජනතාව රැවටීමද? ජනතාවට තමන්ගේ රටේ ඇත්ත තත්ත්වය ගැන දැනගන්නට ඔබලාගේ දේශපාලනයේ ඉඩ නැද්ද? ජනතාව දෙන දේ කාලා ඔබලාට රට සූරාකෑමට ඉඩදී ඇස්, කටවල් වසාගෙන ඉන්න කියාද?
කපුටාස් නිසා ඇයි රටට කෙළවෙන්න යන්නේ..? ඔය කපුටාස් එළවලා දැම්මොත් රට හැදෙයි. එදා ඉඳන් ඔය කපුටාස් 10% හැමෝම දන්නවා.
මොළ හතක් තියනවා කිව්වාට අඩුම තරමේ එකක්වත් නැති බව ජනතාවට ඔප්පුවෙලා ඉවරයි. ඔබ ගැනත් කතාව එහෙම්ම තමයි. කලාපයේ අනිකුත් රටවල් වල ආර්ථිකය මේ වසංගත තත්වයේදීත් ඉහළ යනවිට ලංකාවේ ආර්ථිකය විතරක් විනාශ වුනේ පාලක ඔබ සැමගේ අදූරදර්ශීභාවය නිසා නොවේ නම් වෙන කුමක්ද? ඔය දූපතෙන් ටිකක් එළියට ඇවිල්ලා බැලුවාම තේරෙනවා අනිකුත් රටවල් වැඩ කරනා හැටි. හොඳම දේ තමයි කටඇරලා තමන් අනුවණයෙක් බව තව තවත් ඔප්පු නොකර කට වහගෙන සිටීම...
ඔක්කොම එකයි. රට වලපල්ලට යනකම් බයිලා ගගහා හිටපල්ලා....!
ඔයාගේ මුදල් ඇමතිට තියෙන්නේ කපුටාස් මොළ....
ගෝඨා-මහින්ද- බැසිල් නාන නෑම සිරිසේන නෑමට දෙවෙනි වෙන්නේ නැතිවෙයි. හරි හමන්, සාමුහික තීරණයක් ගත්තා නම් මේ අතවරයට රටත්, ජනතාවත් ලක්වෙන්නේ නැහැ. මේක මහා අමුම අමු පිස්සුවක්. කොහෙද යන්නේ කියලා නොදැන කෙලින පිස්සුවක්. 225ම මේකට වගකියන්න ඕනේ...
අපි සියලු දෙනාම ගරු බැසිල් මැතිතුමා සමඟ ඉදිරියටම යනවා. එතුමාගේ බුද්ධියට මේ රටේ ප්‍රශ්න විසඳන එක මහා ලොකු දෙයක් නෙවෙයි...
කිසිම අමාරුවක් නැහැ (මෙම වැඩය ඩොලර් සැඟවූ හොරුන්ට නම් අමාරුයි) කරන්න තියෙන්නේ ලංකාවේ සංවර්ධනයට කියලා අරගත් ණය මුදල් පැන්ඩෝරා පේපර්ස්වලින් ඉවත්කර වහාම රටට ගේන්න සියලු ප්‍රශ්න නිවාරණයි..!