(ඉන්දිකා රාමනායක සහ යොහාන් භාසුර)
මිරිහාන පොලිස් වසමේ පිහිටි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ නිවස අසළ පසුගිය මාර්තු මස 31 වැනිදා පැවැති විරෝධතාවක් අතරතුරදී යුද හමුදා බස් රථයට ගිනි තැබූ පුද්ගලයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේතුව අද (19) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.
වයස අවුරුදු 42 ක එම සැකකරු දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් ඔහු ගංගොඩවිල, විජේරාම ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් අළෙවි ආයතනයක සේවය කරන බවත් පොලිසිය කීය.
සැකකරු හෙට (20) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ද පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුත් නාට්‍යක ආරම්භය
බළල් අතක් ?
දැන් කලුකෝට් කාරයො ඇප අරන් දීලා අත්පුඩි ගහල එලියට අරන් එයි