(ඩී.ජී.සුගතපාල)
මිරිස්ස ධිවර වරාය පාරේදි ඊයේ (30) උදෑසන පුද්ගලයෙකුට වෙඩි තැබු සැකකරු පලා ගිය බව කියන ත්රි රෝද රථ දෙකක් ඒවායේ රියදුරන්ද සමග ඊයේ රාත්රි අත් අඩංගුවට ගත් බව වැලිගම පොලිසිය පවසයි.
ප්රදේශයේ ආරක්ෂිත කැමරා පද්ධති පරික්ෂා කිරිමෙන් පසුව මෙම ත්රි රෝද රථ අත් අඩංගුවට ගෙන ඇත.
වෙඩි තැබිමෙන් පසු සැකකරු එම අවස්ථාවේ ධීවර වරාය පාරේ යමින් සිටි ත්රි රෝද රථයක නැගි මිරිස්ස හන්දියට පැමිණ ඇති අතර එසේ පැමිණි ත්රි රෝද රථය සමග එය පැදවු කඹුරුගමුව තල්අරඹ රණවිරු මාවත පදිංචි රියදුරුද අත් අඩංගුවට ගෙන ඇත.
සැකකරු මිරිස්ස හන්දියේ සිට වැලිගම දක්වා පැමිණ ඇති ත්රි රෝද රථයද එය පැදවු වැලිගම පරණකඩේ පදිංචි රියදුරුද මෙසේ අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු එතැන් සිට කුමන ප්රදේශයකට ගොස් තිබේදැයි අනාවරණයවි නොමැති බවද පොලිසිය පවසයි.
මේ අතර වෙඩික්කරු රගෙන පැමිණ ඇති යතුරු පැදිකරුට ප්රදේශවාසින් විසින් පහරදිම නිසා බර පතල තුවාල සිදු කර ඇත .තුවාල ලබා ඇති සැකකාර යතුරු පැදිකරු පොලිස් ආරක්ෂාව යටතේ මාතර රෝහලට ඇතුලත් කර ඇත.
වැලිගම පොලිසිය විසින් වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහලා ආණ්ඩු කඩන්නයි තිබුනේ.... උසාවියෙන් නිදහස් වුණත් ජනතාවගෙන් දඬුවම ලැබිලා කියා හිත හදාගන්න පුළුවන්.