(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා හිටපු සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් හදිසි ශල්‍යකර්මයක් සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවර රෝහලකට ඇතුළත් කළේය.
මුරලිදරන් එහිදී හෘදයේ නාලිකාවක අවහිරතාවක් සම්බන්ධයෙන් ශල්‍යකර්මයකට ලක්කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
මුරලිදරන්ගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් හොඳම මට්ටමක පවතින බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර තිබුණි.
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සන්රයිසස් හයිදාබාද් කණ්ඩායමේ දඟපන්දු යවන්නන්ගේ පුහුණුකරු ලෙස කටයුතු කරමින් සිටියදී මුරලිදරන් මෙසේ හදිසියේ රෝහල් ගත කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා
රජයේ ඉඩම් මහජන දේපල අක්කර 2000 අයථා ලෙස අත්පත් කරගන්න මිනිස්සුන්ට මෙවැනි දේවල් සිදුවිය හැකිය
ඔබට ඉක්මන් සුවය ලැබේවා.....!!!
ඔබට ඉක්මන් සුව පතමි. රටට ඔබේ අගය නොදැනුනත් ලොවට ඔබ විරුවෙකි. අප හැමදාමත් කලේ මැණික් කැට වලට පයින් ගසා රටින් එන තිරිවානා ගල් කැබලි සෙනෙහසින් වැළද ගැනීමය. ඔබගේ දේශපාලන මතය අපට අදාල නැත. ක්‍රීඩාවට ඔබ විරුවෙකි.
මොනවා වුණත් මුදල් සහ දේපල තණ්හාවට රජයේ වනාන්තර අක්කර දහස් ගණනක් අයථා ක්‍රම මගින් තමන් සතු කරගනී නම් ඔහු හොරෙකි.
සහතික ඇත්ත. අප වැඩි දෙනෙකු රටින් ගෙනෙන ඕනෑම අසුචි ගොඩක් දියමන්ති ලෙසනේ වැළද ගන්නේ..