
(ඉන්දිකා රාමනායක)
මරදාන පොලිසියේ ඉදිරිපත් තාප්පයේ කිසියම් පිරිසක් විසින් තීන්ත උපයෝගි කරගෙන ජනාධිපතිවරයාට හා ගාලුමුවදොර සිද්ධිය ට සම්බන්ධ පිරිස අත්අඩංගුවට ගන්නා ලෙසට ඉල්ලමින් විවිධ වැකි ලියා තිබෙනු අද ( 19) දක්නට ලැබිණි.
ගෝඨා පන්නමු, මහින්ද, දේශබන්දු, කමල් වහාම අත්අඩංගුවට ගනු, ආදි වැකි භාෂා තුනෙන්ම ලියා තිබෙනු දක්නට ලැබිණි.
මෙම වැකි ඊයේ අලුයම හෝ ඊයේ (18) රාත්‍රියේ කිසියම් පිරිසක් හෝ පුද්ගලයකු විසින් රතු පාට හා ක`ථපාට තීන්ත උපයෝගි කරගෙන ලියා ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මරදාන බොරැල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇති මරදාන පොලිසිය අසල බස් නැවතුමක් පිහිටා ඇති හෙයින් එම ස්ථානයේ නිතර මගීන් බවත්, එවන් අවස්ථාවක පොලිස් තාප්පයේ මේ ආකාරයේ විරෝධතා වැකි ලිවීම සම්බන්ධයෙන් අවට පිරිස් විශ්මය පලකරයි.
අද පස්වරුව වන විටත් මෙම වැකි මකා දැමීමට පියවර ගෙන නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ ආසාවෙන් බලාසිටි විදෙස් සංචාරකයින් 40% ක් කලින්ම වෙන්කර තිබූ ටිකට් වර්තමානයේ රටේ පවතින විරෝධතා සහ පෙළපාළි හේතුවෙන් අවලංගු කරගෙන තියෙනවා. ඒ කියන්නේ 45,000කට ආසන්න විදේශිකයන් පිරිසක් පෙර වෙන් කර ගැනීම් අවලංගු කරගෙන... සාමාන්‍යයෙන් අගෝස්තු මාසයේදී සංචාරකයින් දිනකට 6,000ක් විතර ලංකාවට එනවා පෙරහැර කාලෙට..! දැනට ලංකාවේ තියෙන විදුලිය, ඉන්ධන සහ ගෑස් අර්බුද පෝලිම් දැක්ක සංචාරකයෝ පැමිණීමට නුසුදුසු රටක් හැටියටයි ලංකාව නම් කරලා තියෙන්නේ.. සංචාරකයින් ලංකාවට ගෙනෙන ප්‍රසිද්ධ ගුවන් යානා සමාගමක් ලංකාවට ඒම ප්‍රසිද්ධියේම නවතා දැමුවා..! එසේම සංචාරකයින්ගේ ගමන් මලු මහදවල් මංකොල්ල කන ඒවා, ඊට අමතරව විදේශික තරුණියන්ව ඒ හිටි හෝටල්වලදීම මත්කර බලහත්කාරකම් කරපුවා මාධ්‍යවලින් බලලා යෑමට භයානකම රටක් බව වටහා ගත්තා..! සංචාරකයෝ රටකට එන්නේ සිහින මවාගෙන... ඒත් අද රටේ තත්වය මෙසේ උදාකලේ ඉදිරි දැක්මක් නැති තරුණ පරපුර කියලයි විදෙස් මාධ්‍යවල පලවී තිබුණේ!