(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව තුළ පසුගිය වසරේ මාර්තු මස සිට මේ දක්වා ‘කොවිඩ්’ 19 වයිරස් ආසාදිතයන් හදුනාගැනීමේ පී.සී.ආර්. පරීක්‍ෂණ ලක්‍ෂ 38 කට ආසන්න සංඛ්‍යාවක් (3,766,692) කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් (රසායනාගාර සේවා) විශේෂඥා වෛද්‍ය සුදත් ධර්මරත්න මහතා පැවසීය.
මෙම මැයි මස කළ පී.සී.ආර්. පරීක්‍ෂණ 712,000 මාසයකදී කළ ඉහළතම පී.සී.ආර්. පරීක්‍ෂණ සංඛ්‍යාව බවත් පසුගිය අප්‍රේල් මස පී.සී.ආර්. පරීක්‍ෂණ 340,000 කර ඇති බවත් සුදත් ධර්මරත්න මහතා පවසයි.
මෙම පරීක්‍ෂණවලින් ‘කොවිඩ්’ 19 වයිරස් ආසාදිතයන් 225,897 ක් හදුනාගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකකින් රුපියලක් තියාගත්තා නම් ගොඩේ ගොඩ...