
(සුජිත් හේවාජුලිගේ )
ජීවත්ව සිටින්නේද යන්න තහවුරු කර නොගෙන  ධීවරයන් වෙනුවෙන් රුපියල් කෝටි නවයකට ආසන්න වටිනා විශ්‍රාම වැටුප් 2024 වර්ෂයේදී ගෙවා ඇතැයි ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මේ හේතුවෙන් මියගිය ධීවරයන් වෙනුවෙන්ද  විශ්‍රාම වැටුප් ගෙවන්නට ඇතැයි අනුමාන කෙරේ. ධීවර විශ්‍රාමිකයන්ගේ ජීව දත්ත තොරතුරු පවත්වා ගැනීම හෝ යාවත්කාලීන නොකිරීම හේතුවෙන් මෙම තත්වය ඇතිවූ බව එම වාර්තාවේ දැක්වේ.
මේ අනුව එම විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයට අදාළ ජීව දත්ත තොරතුරු පද්ධතිය නොපමාව යාවත්කාලීන කර පවත්වාගෙන යන්නැයි  විගණන කාර්යාලය එහි ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.
ධීවර විශ්‍රාම වැටුප යෝජනා ක්‍රමයේ ප්‍රධාන ගොනුව අනුව දායකයන් ගණන 64117ක්වූ නමුත් දත්ත පද්ධතිය අනුව දායකයන් සංඛ්‍යාව 69049ක් වූ බවත් ඒ අනුව ධීවරයන් 4932ක වෙනස පිළිබඳව නිවැරදි තොරතුරු ආයතනය සතු නොවූ බවත් එම වාර්තාවේ සඳහන්වේ.
මේ අනුව දායකයන් පිළිබඳව නිවැරදි තොරතුරු ඇතුළත්  කර එම තොරතුරු පද්ධතිය යාවත්කාලීන  කළ යුතු බවට විගණන  කාර්යාලය නිර්දේශ කර ඇත
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1968										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1546										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 541										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මැරුණු ධීවරයන්ටත් විශ්‍රාම වැටුප් ගෙවලා