(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)
මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට අද (1) ඉදිරිපත් කළේය.
මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ යෝජනා ලැයිස්තුවට ඇතුළත් වන අතර ඉදිරියේදී විවාද කර සම්මත කරගත යුතු වේ.
එසේ සම්මත වුවහොත් මරණ දඬුවම අහෝසි වී ජීවිතාන්තය දක්වා සිරදඬුවමක් ලෙස සංශෝධනය වනු ඇති බවද පනත් කෙටුම්පතෙහි දැක්වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ජනගහනයෙන් 90% ක් මරණ දඬුවමට කැමතියි. ඉතින් UNP එකට මොන රුදාවද මේක අහෝසි කරන්න. මෙයින් අදහස් හාරන්නේ UNP එක කුඩු මුදලාලිලාට සහය වන බව... අනාගතයේදී මුළු ජාතියම කුඩුවලට ඇබ්බැහි වීමට UNP වගකියන්න වෙයි.
පව් අප්පා සිරිසේන...
එකම වර්ගයේ කුරුල්ලන් එකම අත්තක වසා සිටීමට කැමතියි.
බුදුදහම තේරුම් ගත් සහ එය පිළිපදින කිසිවෙක් මරණ දඬුවමට එකඟ වෙන්නේ නැහැ. යම් කිසිවෙක් එය අනුමත කරනවා නම් එම තැනැත්තා බොරුවට බුදුන් වඳින කෙනෙක්.
පසුගිය වසර හතරටම කරන්න හදපු හොදම වැඩෙ හබක් වගේ.
මරණ දඬුවම තිබිය යුතුයි. ට්‍රම්ප් ඇමරිකාවෙත් අායෙමත් ක්‍රියාත්මක කරන්න යන්නේ මිනිස්සුන්ව පාලනය කරගන්න කියලා එජාපෙ ඉන්න බූරුවන්ට තේරෙන්නේ නැද්ද? අපිත් කියන්නේ එල්ලන්න ඕනේ කියලා නෙමේ... නමුත් දඬුවම පැවතිය යුතුයි කියලා.. මොකද අපිට මේ සිදුවෙන අපරාධ අහලා දැකලා සසර එපා වෙලා ඉන්නේ. අනිත් එක රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුවෙන අපරාධ පවා විලිලැජ්ජාවක් නැතුව එළිපිට සිදු වෙද්දී අපිට වෙලා තියෙන්නේ ලේ කුපිත කරන බලාගෙන ඉන්න. මේ දඬුවම ඔනේමයි. මේ රටේ ඉන්න මිනිස්සුන්ව හැදියාවකට ගන්න නම්....
හොඳ එකෙන් හොරකම් කරන්න තමයි මුන් සැරසෙන්නේ..
මෙම පනත සම්මත වුවහොත් පාර්ලිමේන්තුවේ කී දෙනෙක් කුඩු මුදලාලිලාට සහය දෙනවද, කුඩු ව්‍යාපාරයට සම්බන්ධද කියලා රට වැසියන්ට දැනගත හැක..
මේක අහෝසි කරන්න කලින් 1. රටේ 115000 වන මතට ඇබ්බැහි වූ පාසල් යන වයසේ තරුණයින් පුනරුත්ථාපනය කර ඔවුන්ගේ නැතිවූ ජීවිත නැවත යථා තත්වයට පත්කරන්නේ කෙසේද? 2. ඊට අමතරව දිනපතා මතට ඇබ්බැහිවන තරුණයින්ගේ ජීවිත ගණන "0" කරන්නේ කෙසේද 3.මත්කුඩු වෙළඳාම සදහටම ලංකාවෙන් නැති කරන්නේ කෙසේද (කාල වකවානු සහිතව) 4. මත් කුඩු මුදලාලිලාගෙන් අපේ දරුවන් (දරුවන් නොමැති අගමැති, ඇතුළු පිරිස නැතිව) බේරාගන්නේ කෙසේද කියා ආණ්ඩුව විසින් ප්‍රකාශ කළයුතුයි..!
එදාට ජාතික ශෝක දිනයක් කරනවා කිව්වා නේද ?
මරණ දඬුවම නොව ජීවිතාන්තය දක්වා සිරදඬුවමයි අහෝසිකළ යුත්තේ. වැරදි කළවුන් ජීවිතාන්තය දක්වා අපේ බදු මුදල්වලින් නඩත්තුකරනවාට මම නම් විරුද්ධයි.
අනාගත පරපුරට හෙන ගැහුවත් කමක් නැහැ.. අපිට ඡන්දෙ දිනන්න ක්‍රමයක් හොයාගන්න ඕනේ...
මරණ දඬුවම ඉවත් කරන පනත් ඉදිරිපත් කරන්න පුදුම හදිස්සියක්... යාලුවෝ බේරගන්න එපායැ... හැබැයි නීතිපති දෙපාර්තමේන්තුවට ත්‍රස්තවාදී සංවිධානයක් තහනම් කරන නීතියක් ගේන්න. වංචා මඩින නීති ගේන්න අවුරුදු ගණන් ගිහිල්ලත් බැහැ. මේ රටේ වෙන අපරාධවලට වැඩිම වගකියන්න ඕනේ.... ඒවා පාලනය කරන්න පත් කරපු ආයතනමයි.
බන්දුලාල් උන්නැහේ පිටුපස සිටින්නේ මේ රටේ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ව්‍යාපාරිකයෙක් සහ ආණ්ඩුවේ ප්‍රබල ඇමති කෙනෙක් බව ජනතාව දන්නවා.
මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පණත් කෙටුම්පත පාර්ලිමේන්තුවට කුඩු ව්‍යාපාරික ප්‍රජාව වෙනුවෙන් මහින්ද උන්නැහෙත් සහාය දෙන්න කැමති වෙලාලු... ඔන්න ඕකයි තත්වේ. කෝ මේ ජවිපේ..? අත උස්සපල්ලා...
මරණ දඬුවම ගැටළුවක් නොවේ. එය දිය යුතුමයි. ගැටලුව තියෙන්නේ අපේ නීති පද්ධතියේ. වැරදිකරුවන් නිවැරදිව හඳුනාගන්න බෑ. විද්‍යාත්මක පර්යේෂණ තුළින් ඔප්පු කිරීමේ තාක්ෂණය අපට නැහැ. පගාවට, දේශපාලනයට බලපුලුවන් කාරකමට නතු වූ නීති පද්ධතියකින් විත්ති පාර්ශවයට අගතියක් වීමේ ප්‍රවණතාවය වැඩියි. මේ වගේ කුඩු කාරයින් ආරක්ෂා කරන දෙකේ කොලේ දේශපාලුවන් පනත් ගේන්න හදන්නේ මේ පිළිබඳව ඇති අවබෝධයක් නිසා නෙවෙයි. හුදෙක් දේශපාලන කරණා නිසා. මතක තබාගන්න නිවැරදි කරුවෙක් දඬුවමට ලක් වුනොත් මරණ දඬුවම දුන් පසු ඒ කිසිවක් ආපසු හැරවිය නොහැකි බව.. තරහකාරයෙකුට වුනත් ඔබේ ගමන් මල්ලට කුඩු පාර්සලයක් දමා පොලිසියට ඔත්තුවක් දීමට හැකි බව මතක තබාගන්න.
මරණ දඬුවම එපා කියන අය නගන තර්කයක් තමයි මරණ දඬුවම දීමෙන් අපරාධ වළක්වන්න බැහැයි කියන එක. අපරාධ කරන එක මිනිස් ජානගතව ඇති දෙයක් නිසා මොනම ක්‍රමයකින්වත් එය වළක්වන්න බැරිවෙයි. නමුත් අපරාධ කිරීමට පෙළඹීම මරණ දඬුවම් දීමෙන් අඩු කරන්න පුළුවන්. දිනෙන්දින අපරාධ වැඩි වේගෙන යන අපේ රටේ ඒවා වළක්වන්න තියෙන නීත්‍යානුකූල ක්‍රියාමර්ග අහෝසි කිරීමෙන් වෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ඉන්න කුඩුකාරයින්, හොරුන්, අන්ත දූෂිතයන් වගේ එවුන් සමාජය තුළ වැඩිවැඩියෙන් බිහි වීමයි. පාර්ලිමේන්තුවේ ඉන්න මේ කාලකන්නින්ට ඕනෑ කරන්නේ තමනුත් රැකෙන ගමන් තම අපරාධකාර සහචරයිනුත් රැකගන්නයි. අපි මේක හරියාකාරව තේරුම් ගනිමු. අපේ රට විනාශ කරන එන්.ජී.ඕ කාරයින්ගේ පදයට නටන්නේ නැතිව. නිවැරදිකරුවන් දඬුවමට ලක්වීම වළක්වන්න නම් නීති පද්ධතිය නිවැරදිව සකස් විය යුතුයි.
මේකට වඩා වැදගත් අධිකරණය මඟින් ගත් තීන්දු වෙනස් කිරීමට, සිරගතවන කාලය අඩු කිරීමට, ජනපතිට තියෙන නීතිමය බලය අහෝසි කිරීම... දෙකම වෙනවා නම් වඩා හොඳයි. මේ ඔලමොට්ටල මන්ත්‍රීට මේක තේරෙන්නේ නැහැ...
ධම්ම ඔබට ස්තූතියි මේ කාරණය මතුකළාට... අපි නැහීගෙන හම්බකරලා වැරදි කරන උන්ට කවන්නත් ඕනෑ.. උන් හොඳට ඇතුළට වෙලා ටී.වී. බලබල ඉන්නවා. මහ හොරු ටික ගියගමන් ලෙඩ වෙලා බන්ධනාගාර රෝහලට රිංගනවා. හිමාල් වගේ අය නම් කැමතියිලු බදු ගෙවමින් මොවුන්ව නඩත්තු කරන්න. ඒ නිසා එයාගෙන්ම අයකර ගන්න කියන්න ඔක්කොම... අනික ගහක ගෙඩියක් කැඩුවට මරණ දඬුවම හිමි වෙන්නේ නෑ. ඒක හිමිවෙන්නේ මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය හෝ අවි වෙලඳාම වැනි දරුණු අපරාධ සඳහා... ඒ නිසා මොවුන්ව එල්ලන්නේ නැතුව වෙන මොකක් කරන්නද? මේක අහෝසි කරන්න කියන්නේ උනුත් මේවට සම්බන්ධයි... ඒක නිසා වෙන මොන මගුලක්වත් නෙමෙයි.
ඇමෙරිකානු ජනාධිපති තීරණය කරලා නැවත මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න. එජාපය මෙහෙ ඒකට විරුද්ධව වැඩ කරන්නේ කොහොමද?
225ම ගෙදර ඇරලා නාගානන්ද වහා පත්කර ගන්න. ඔහු අවංක බව දිගු කලක් ඔප්පු කල උගතෙකි.