(රංජන් කස්තුරි )
මොරටුව විශ්ව විද්‍යාලයට නියමිත ප්‍රමාණයට වඩා වැඩිපුර ශිෂ්‍ය සංඛ්‍යාවක් ඇතුළත් කිරීමට විරෝධය දක්වමින් එම විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ගෙන තිබේ.
සාමාන්‍යයෙන් එම විශ්ව විද්‍යාලයට වසරකට ඇතුළු කරගන්නා ශිස්‍ය සංඛ්‍යාවට වඩා 600 කට වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් මෙවර ඇතුළත් කරගෙන ඇතැයිද එය විශ්ව විද්‍යාලයට දරාගත නොහැකි යැයිද මොරටුව විශ්ව විද්‍යාලයේ ආචාර්ය සංගමයේ ලේකම් ආචාර්ය එච් කේ ජී පුංචිහේවා මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුද්ගලික පන්තියක වැඩිපුර සිසුන් ආවොත් ගුරුවරු ඔහොම කරයිද?
මොරටුව සරසවිය විතරක් නෙමේ අනිත් සරසවි වලත් තත්වය මේකයි. යටිතල පහසුකම් නැතුව ළමයි එව්වාම, ඒ ළමයින්ට විද්‍යාගාර පහසුකම්, නේවාසික පහසුකම්, පුස්තකාල පහසුකම් සපයන්නේ කොහොමද? ළමයි ප්‍රමාණය වැඩි කරන්න ඕනේ තමයි. ඒත් ඉස්සෙල්ලා පහසුකම් සලසලා ඉන්නට ඕනේ. එහෙම නොවුණොත් වෙන්නේ මුලු සරසවි පද්ධතියම කඩා වැටෙන එක... උසස් ප්‍රමිතියෙන් යුතු වෘත්තිය වේදීන් බිහි කරන්න මෙහෙම කරලා බෑ...
සරසවියේ ආචාර්යවරුන් කියන කියන පදේට වැඩ කරන්න බෑ.
මෝඩ කථා කියන්න එපා හලෝ.විශ්ව විද්‍යාල අධ්‍යාපනය කියන්නෙ පෞද්ගලික පන්තියක් වගේ එකක් නොවෙයි.මේවට උත්තර දෙන්නත් පිළිකුල්.
එක පාර්ශවයක් කියනවා විශ්ව විද්‍යාලට ඇතුල් කරන සිසුන් ගණන වැඩි කරන්ට කියල. අනිත් පැත්තෙන් කියනවා දැන් ශිෂ්‍ය සංඛ්‍යාව දරා ගන්නට බැහැ කියල. නමුත් මේ දෙගොල්ලන්ට අමතක වෙන දෙයක් නම් අපේ රට අධික ණය බරින් යුත්, රාජ්‍ය ආදායම අඩු තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක් බැවින් සැමට සියල්ල පරිපූර්ණව ලබා දිය නොහැකි බව. එම නිසා. දැන් කල යුත්තේ තිබෙන සම්පත් වලින් හැකිලෙස සරසවි වල අධ්‍යාපනය කරගෙන යාම පමණි.