
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා මෙන්ම බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයේ වර්තමාන සභාපතිවරයා ද වන බන්දුල වර්ණපුර මහතාගේ වම් කකුලේ දණහිසට පහළින් ඉවත්කිරීම නිසා දැඩි අසාධ්‍ය තත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
හෘදයා බාදයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති බන්දුල වර්ණපුර මහතාගේ දියවැඩියා තත්වය උත්සන්න වීම නිසා වම් කකුලේ කොටසක් කපා ඉවත්කිරීමට වෛද්‍යවරු තීරණය කර තිබේ.
වර්ණපුර මහතාගේ පවුලේ සාමාජිකයකු අද පෙරවරුවේ පැවසුවේ ඒ මහතාගේ තත්වය තවමත් බරපතල බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අැත්තටම හරිම කනගාටුදායක ආරංචියක්... බන්දුල වර්ණපුර කියන්නේ ලංකාවට හිටපු අග්‍රගණයේ ක්‍රිකට් ක්‍රීඩකයෙක්... මොහුටත් දියවැඩියාව හැදුණා කිව්වාම අදහගන්නත් අමාරුයි. කෙසේවෙතත් ඔබතුමාට ඉක්මන් සුවය ලැබේවා කියා ඉතසිතින් පතමි.. බුදුසරණයි.
ඔබට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.
ඉක්මන් සුවය හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු...
වසර 40ක් කට පමණ පෙර, අපට ටෙස්ට් තත්ත්වය ලැබෙන විට බන්දුල නායකයා වගේම හිනි පෙත්තටම නැගලා හිටි ක්‍රීඩකයෙක්... ඔහුගේ කණ්ඩායමේ දක්ෂතාවය ගාමිණි දිසානායක මහතා විසින් ලෝකයට මනාව ඉදිරිපත් කිරීම තුළින් අකමැත්තෙන් වුවත් කළු ජාතිකයින් වූ අපට ටෙස්ට් වරම් ප්‍රධානය වුණා. බන්දුලත් ඉංග්‍රීසියෙන් වගේම සිංහලෙනුත් ඉතා හොඳින් විස්තර කතා කිරීමට දක්ෂයි. ඔබට ඉක්මන් සුවය පතමු...
ඉක්මණින්ම සුවය ලැබේවායි පතමි.