(සුජිත් හේවාජුලිගේ )
ශ්‍රී ලංකාවේ දැනට පැතිර ඇති කොරෝනා වෛරසය බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රාන්තයේ පැතිර ඇති විශේෂ විකෘති වෛරස ප්‍රභේදයට සමාන කම් ඇතැයි වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන බව ඖෂධ සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි .
ශ්‍රී ලංකාවේ දැනට පැතිර යන වෛරස ප්‍රභේද ය බරපතල එකක් බවත් ඉන් රෝග ලක්ෂණ මතු කරන්නේ පෙනහලුවලට දරුණු ලෙස ආසාදනය වීමෙන් පසුව බවත් රාජ්‍ය ඇමතිවරයා කියයි .
මෙම නව වෛරස ප්‍රභේදයේ ලාක්ෂණික ලක්ෂණ තවමත් හරි හැටි හඳුනාගෙන නැති බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන බවත් ජයසුමන මහතා ප්‍රකාශ කළේය .
පවතින තත්වය යටතේ ජනතාව දැඩි පරිස්සම් කාරී විය යුතු බවත් සිය ගමන් බිමන් හැකිතාක් දුරට සීමා කළ යුතු බවත් ඔහු පැවසුවේය .
විශාල වශයෙන් ජනතාව ඒකරාශී වන ස්ථානවලට ගමන් කිරීමෙන් වැළකිය යුතු බව ද ඉදිරි දින කිහිපය තීරණාත්මක බව ද චන්න ජයසුමන මහතා අවධාරණය කළේය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාගේ අර පැණි ව්‍යාපෘතිය දිගටම කරගෙන ගියා නම් ඔය එක වසංගතයක්වත් අද නැහැනේ..
ඔයා කලින් කිව්වා වගේ මේකටත් ධම්මික පැනිය ගැහැවුවොත් හොඳ වෙයි නේද?
ඇමති තුමෝ, අර ඔබ තුමාලගේ පැණිය මේකටත් හරියනවද? දෙවෙනි මාත්‍රාව කියල දීල බලමුද?
අපිත් බ්‍රිතාන්‍ය වගේ දියුණුයි ඒ් කියන්නෙ හුරේ...