IMG-LOGO

මෙරට ආර්ථිකය ගැන අයි.එම්.එෆ්. නිවේදනයක්

(විමුක්ති එස්. රුද්‍රිගු)

රටේ ආර්ථික ස්ථාවරත්වය යථා තත්ත්වයට පත් කිරීම සහ ණය අඩු කිරීම සඳහා විශ්වසනීය උපාය ක්‍රියා මාර්ග ක්‍රියාත්මක කළ යුතු බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල පැවසුවේ ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සිය මුල්‍ය ප්‍රතිපත්ති දැඩි කළ යුතු බවයි.

එහිදී ශ්‍රී ලංකාව කෝවිඩ් වසංගතයේදී ක්‍රියාකල ආකාරය සහ සාර්ථක එන්නත්කරණය  විධායක අධ්‍යක්ෂක මණ්ඩලයේ පැසසුමට ලක් වී ඇති අතර ඒ හේතුවෙන් ශ්‍රී ලංකාවට දරුණු කොවිඩ් වසංගතයෙන් යම්තාක් දුරට සහනයක් ලබා ගැනීමට හැකි වූ බව ඔවුහූ පැවසූහ.

ශ්‍රී ලංකාවේ ආර්ථික තත්ත්වය  යථා තත්ත්වයට පත් කිරීමට උත්සහ දරමින් සිටින මේ අවස්ථාවේ ශ්‍රී ලංකාව අභියෝග රැසකට මුහුණ පා සිටින බවත් විදෙස් ණය පාලනය කළ නොහැකි මට්ටමකට යාම, විදෙස් සංචිත අඩුවීම, ඉදිරි වසරවලදී ආර්ථිකය යථා තත්ත්වය ට පත් කිරීම සඳහා සැලකිය යුතු මුදලක් අවශ්‍ය වීම ශ්‍රී ලංකාව මුහුණ පා සිටින අභියෝග බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂක මණ්ඩලය පෙන්වා දුන්හ.



අදහස් (1)

මෙරට ආර්ථිකය ගැන අයි.එම්.එෆ්. නිවේදනයක්

ජන හඩ Thursday, 03 March 2022 08:42 PM

IMF එකට වැරදිලා. මෙහෙ කට්ටිය ඇවිදින මං තීරු හදන්න මොන තරම් උනන්දුවක් තිබ්බද? ඒ කියන්නේ රටේ මිනිස්සු ඒ තරම්ම සුඛිත මුදිතයි. ජනතාවගේ ජීවන තත්වය නංවන්න අපේ කට්ටියට දර්ශනයක් තිබ්බා. හැබැයි වෙනසකට තිබ්බේ ජනතාවට මුදල් දෝරෙ ගලනවා යන උපකල්පනය මත අධිපෝෂණය වූ අයට ව්‍යායාම අවශ්‍ය බව තමා ඒ අයට පළමුව මතක් වූනේ. ඒ කියන්නේ කරත්තේ ඉස්සර වුණා. දර්ශන පථයෙ පොඩි ගැටළුවක් මිස මොළේ අඩුකමක් නොවෙයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 11 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 179 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 503 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site