
(රොමේෂ් මධුශංක සහ සිතුම් චතුරංග)
වව්නියාව සෙට්ටිකුලම් පොලිස් වසමේ සින්නතම්පනෙයි ප්‍රදේශයේ කැලෑවක වළදමා තිබියදී කිලෝ පහක් බරැති එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් අද (17) සවස හමුවී ඇති බවට සෙට්ටිකුලම් පොලීසිය පවසයි.
වව්නියාව පොලිස් රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව සෙට්ටිකුලම් පොලීසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේද සහය ඇතිව සින්නතම්පනෙයි වැව ආසන්නයේ පිහිටි කැලෑබද ප්‍රදේශයකින් මෙම මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක සොයාගනු ලැබීය.
එහිදී සින්නතම්පනෙයි කැලෑවේ සිදුකළ සෝදිසියකදී ගසක් ආසන්නයේ පොළව යට ඉතා ආරක්ෂිතව වලදමා තිබූ එක් ඇඳුම් කට්ටලයක් කිලෝ දෙකහමාර් බැගින් වූ බරකින් යුක්ත මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙකක් තිබී හමු වී ඇත.
අදාල මරාගෙන මැරෙන් ඇඳුම් කට්ටල දෙක ගොඩගන්නා අවස්ථාවේදීද සක්‍රීයව ආරක්ෂාකාරීව තිබුණු බවටත්, අවසන් යුද සමයේදී කොටි සංවිධානය විසින් මතු ප්‍රයෝජනය සඳහා ආරක්ෂිතව මෙම ස්ථානයේ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක වලදමන්නට ඇති බවටත් පොලීසිය සැක පල කර සිටියි.
සොයාගත් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල දෙක අධිකරණ නියෝගයකින් නිශ්ක්‍රීය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සහයද ලබාගන්නා බවට පරික්ෂණ සිදුකරන සෙට්ටිකුලම් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

(ඡායාරූප - රොමේෂ් මධුශංක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඒ කාලයේ වළලා තිබුණු පරණ ඒවා බව පේනවා. දැන් සතුරා කෙලින්ම පෙර සේ නොපැමිණෙන බව දත යුතුයි. ඉන්දියාවත්, මානව හිමිකම් න්‍යායත් සහයෝගයට ගෙන, ඩිජිටල් ක්‍රමයකට තමයි මෙවර එන්නට මාන බලන්නේ.. එබැවින්, මේ අලුත් ක්‍රම ගැන අවධානයෙන් සිටිය යුතුයි. ඇඟ රත්වෙන සටන්පාඨ හා උපවාස ආදියෙන් මෙදා පාර වැඩක් නොවනු ඇත. නව ක්‍රමයකින් නව ආරකින් ප්‍රශ්නය දෙස බැලීමට හා කටයුතු කිරීමට සිදුවනු ඇත. පුහු ඝෝෂා හා ජනතාවගේ පුහු ජාත්‍යාලය ඇවිස්සෙන දේට තිත තැබිය යුතු කාලයක් පැමිණීමට හැකිය. ප්‍රශ්නයට මනා සංයමයකින් හා බුද්ධියකින් මුහුණදුන හොත් පමණක් අපට ජයක් ගැන සිතීමට හැකිය. නැතහොත් සිදුවනුයේ අවුලෙන් අවුලකි.
2023-24 වෙනකොට රඟ දැක්වේ යැයි සිතිය හැකි නාටකයක පෙර නිමිතිද?