IMG-LOGO

මියන්මාර හමුදා පාලකයෝ අන්තර්ජාලය අවහිර කරති

මියන්මාරයේ සිදුවූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව දහස් ගණන් ජනතාව විරෝධතාවයේ යෙදීමෙන් හමුදා පාලකයින් විසින් එරට අන්තර්ජාලය අවහිර කර ඇතැයි වාර්තා වේ.

 

නෙට් බ්ලොග් අන්තර්ජාල නිරීක්ෂණාගාරය පවසන්නේ අන්තර්ජාල සම්බන්ධතා සාමාන්‍ය මට්ටමේ සිට 16%ක් දක්වා පහත වැටී ඇති බවයි. එය ආසන්න වශයෙන් සම්පූර්ණ අවහිර කිරීමක් බවද ඔවුහු පෙන්වා දෙති.

 

ට්විටර් සහ ඉන්ස්ටර්ග්‍රෑම් වෙත පිවිසීම මුලින් අවහිර කළ අතර ඉන් පැය කිහිපයකට පසු සම්පූර්ණයෙන් අන්තර්ජාලය අවහිර කෙරිණි.

 

මියන්මාර හමුදාව පවසන්නේ විරෝධතා සඳහා ජනතාව එක්රැස් වීම නැවැත්වීමට අන්තර්ජාල සබඳතා අවහිර කළ බවයි.

 

රොයිටර් පුවත් සේවය පවසන්නේ අන්තර්ජාල අවහිර කිරීමේ නියෝගයට අභියෝග කරන ලෙස සිවිල් සමාජ සංවිධාන, අන්තර්ජාල සැපයුම්කරුවන්ගෙන් සහ ජංගම දුරකථන ජාලයන්ගෙන් ඉල්ලා සිටි බවයි.

 

මානව හිමිකම් කණ්ඩායම් ද මෙම වසා දැමීම සාහසික ක්‍රියාවක් ලෙස හඳුන්වා තිබේ.

 

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (2)

මියන්මාර හමුදා පාලකයෝ අන්තර්ජාලය අවහිර කරති

chandana Sunday, 07 February 2021 05:27 PM

එතකොට ඉන්දියාවේ ගොවියන්ට එරෙහිව ඉන්දීය රජය ඔය විදිහටම සමාජ ජාල අවහිර කළාම මානව හිමිකම් ක්‍රියාකාරීන් හා සිවිල් සමාජ විරුද්ධ වුණාද දන්නේ නැහැ නේද?

:       0       0

පෙරේරා Monday, 08 February 2021 05:45 AM

දැන් බයිල ගහන්න අමාරුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 85 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 484 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 254 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site